අටලුගම දැරියේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි.
බණ්ඩාරගම අටලුගම ප්රදේශයේදී 09 හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද (30) දිනයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට කිසිඳු ආකාරයක අතවරයක් සිදුවී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පානදුර මූලික රෝහලේදී සිදු කරණු ලැබුවා.
එසේම මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදු කර ඇති බව වාර්තා වනවා.
ඔහු පොලීසිය හමුවේ සඳහන් කර තිබෙන්නේ, මෙම දැරියට අතවර කිරීම සඳහා තමන් රැගෙන ආ බවත් නමුත් පසුව එසේ සිදු කිරීමට බියවී දැරියව ඝාතනය කළ බවයි.
අදාළ සැකකරු මේ වනවිට විවාහක පුද්ගලයෙක් වන අතර ඔහුට දරුවන් දෙදෙනෙකුද සිටින අතර සැකකරු අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments