කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ ආදරණීය එකම පුත්‍රයා තමයි සංගීත් සතරසිංහ කියන්නේ. තාරුණ්‍යයේ කඩවසම් රංගන ශිල්පියෙක් වන සංගීත්ට බොහෝ දෙනා මේ වන විට ආදරය කරනවා. ඒ ඔහු දැන් පුංචි තිරය හරහා විවිධ චරිත තුළින් ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

ඉතින් ඒ වගේම සංගීත්ව දැන් ගොඩජ් ජනප්‍රිය ඔහුගේ සංගීත් ව්ලොග්ස් යූ ටියුබ් නාලිකාව හරහා. ඔහුගේ ආදරණීය පෙම්වතිය තමයි වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන දක්ෂ රංගන ශිල්පිනී දිනිති වල්ගමගේ කියන්නේ. ඉතින් කාලයක් දිනිති සහ සංගීත් යාලුවෝ වගේ ඉදලා මේ වන විටනම් ඔවුන් පෙම්වතුන් කියලා හැමෝම වගේ දන්නවා.

අලුත් අවුරුද්ද එළඹෙන්නට පෙර සංගීත් ඔහුගේ පෙම්වතිය දිනිතිට කෝටි ගානක් වටිනා බෙන්ස් රඨයක් තෑගි කරලා තිබුණා. මේ ගැන ඔහු සංගීත් ව්ලොග්ස් යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රේක්ෂකයාටත් දැක ගන්න අවස්ථාව ලබලා දීලා තිබුණා. ඉතින් සංගීත්ගේ මේ වටිනා තෑග්ග නිසා දිනිති පුදුමයට පත් වෙලා තිබුණා.

හා හා පුරා කියලා අලුතෙන් ලැබුණු තැග්ග අරන් සංගීත්ගේ පවුලේ අයයි මේ දෙන්නයි මුලින්ම ගියේ පන්සලට. ඉතින් දිනිති මේ වාහනයට සුද්දී කියලා නමකුත් දැම්මා. ඉතින් මේ විදියටයි සංගීත් දිනිතිට මෝටර් රථයක් තෑගි කලේ. මේ ආදරණීය යුවළට අපි ඉදිරි කාලයත් මේ හිටියා වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
0 Comments