ව්‍යාපාරිකාවක් වශයෙන් රංගන ශිල්පිනියක් වශයෙන් ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් විවිධ අංශ වලින් කැපී පෙනෙන ඒ සුන්දර රංගන ශිල්පිනිය තමයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන් කෙනෙක්. පුංචි තිරය හෝ වේවා රිදී තිරය හෝ වේවා තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න නිල්මිණි තෙන්නකෝන්ට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේම තමයි මේ සුන්දර රංගන ශිල්පිනිය මධුමාධව අරවින්ද කියන ගායකයා සමග විවාහ වෙලා මේ වෙද්දි වෙන්වෙලා ජීවත් වෙනවා කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා. ඒ විවාහ ජීවිතයෙන් ඇයට ආදරණීය දියණියක් ඉන්නවා. ඇය නමින් ස්වේතා මන්දාකිණි. ස්වේතා මේ දිනවල ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරනවා. ඒ සම්බන්ධයෙන් ඇයි කිව්වේ මේ වගේ කතාවක්.
“මම මේ දවස්වල උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ අතරින් psychology ඉගෙනගන්නත් බලාපොරොත්තු වෙනවා.අපි අතර ඉන්න මිනිස්සුන්ගෙන් ගොඩක් දෙනෙක් මානසික අතින් පහතට වැටිලා ඉන්නේ. ඉතින් ඒ වගේ අයට treatment කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ නිසා ඒ විෂය ඉගෙන ගන්න මම හිතුවා. අනාගතයේදී psychology පැත්තෙන් රැකියාවක් කරන්න මම ආසයි.
ඒ විදිහට අදහස් දක්වන ඇය අම්මා වගේ රංගනයට එන්න නම් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. නමුත් අම්මගෙ ඉල්ලීම නිසාම පසුගිය දවසක පුංචි වැඩකටත් අය සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න නම් ස්වේතා පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද ඇයට අවශ්‍ය අධ්‍යාපන කටයුතු හැදෑරීම නිසයි.නිල්මිණි තෙන්නකෝන් මහත්මිය තමන්ගෙ ආදරණීය එකම දියණියට පණ වගේ ආදරෙයි. ඒ විදියේ ආදරයක් දක්වන තමන්ගේ ආදරණීය අම්මා ගැන ස්වේතා කිව්වේ මේ වගේ කතාවක්
“මගේ මුළු ජීවිතේම අම්මා මම එයාට ගොඩක් ආදරෙයි.මම නිසා අම්මා විඳපු දුක් කන්දරාව මම හොඳට දන්නවා.අන්න ඒ නිසා මම ඇයට කවදාවත් දුකක් දෙන්නෙ නැතුව හොඳට රැකබලා ගන්නවා.ඒ යුතුකම මම නොපිරිහෙළා ඉටුකරනවා.” ඉතින් තව බොහෝ කාලයක් මේ ආදරණිය අම්මටයි දුවටයි එකට කාලය ගත කරන්න වාසනාව උදා වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

0 Comments