ලෝකයේම මෝටර් රථ තරඟ ක්ශේත්‍රයෙන් නමක් දිනාගත් ඩිලන්ත මාලගමුව අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ඔහු මේ වන විට ගොවි තැනන බැසීමට කැමැත්තෙ සිටින බව සහ ඔහුගේ රසිකයන්ටත් එසේ කිරීමට එක් වන ලෙස මුහුනූපොතේ සටහනක් යොදමින් කියා තිබෙනවා.
ණය බරින් මිදෙන්නට මෙම ගොවි අරගලයට එක් වන ලෙස ඔහු තම රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මුහුනුපොතේ පළ කළ සටහන පහතින් ,
“සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම. මමත් ගොවිතැන කරන්න පටන් ගත්තා. මෙච්චර සාරවත් පොලවක් ලොවේ කොහෙත් නැති තරම් නමුත් අපි එය අගය කොට සලකන්නේ නැහැ.
කොළඹ රස්සාවක් කරනවාට වඩා ගමක ගොවිතැනක් කරන එක දාහකින් සම්පතක්. වැඩි මුදලක් සොයාගෙන නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුලුවන්.ගොවිතැනින් අප රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකිය.
ලොකු ඉඩමක් අවශ්‍ය නැහැ. ගෙදර තියෙන පොඩි ඉඩකින් පටන් ගමු.
අපි සියලු දෙනා එකමුතු වී එකිනෙකාට උදවු කරගෙන ගොවිතැන ගොඩනගමු. රැල්ලක් හදමු. පිටරටින් නය අරගෙන අපේ දරුවන් ඉපදෙන්නටත් කලින් නයෙන් බර පුරවැසියන්. අපි ඔවුන් නයෙන් නිදහස් කල යුතුයි,එයට එක පිලියමක් සාරවත් ගොවිතැන පටන් ගමු නේද. අරගලයට එක්වුනු සියලු දෙනා එකතු වෙන්න.”



0 Comments