අවුරුදු 6 කට පස්සේ තමයි ආයෙත් ඉස්කෝලේ යන්න හම්බවුණේ…


0

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරට එක් ව ඇති ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ‘‘අනගි’’ නම් පාසැල් යුවතියගේ චරිතයට පණ පොවන ඇය හිරුෂි පෙරේරායිඅද සැඳැල්ල හා කතා බහකට එක් වුණේ මෙලෙසිනි.

කොහොමද අනගිට ලැබෙන ප්‍රතිචාර?

අනගිට හැමෝම ආදරෙයි. අනගි කියන්නේ දුප්පත් පවුලක නැති බැරිකම් එක්ක ජීවිතේ ගැටගහගෙන ජීවිතේ ගැන හීන කන්දක් ඔළුවේ තියාගෙන පාසල් අධ්‍යාපනය හදාරන යුවතියක්. ගොඩක් අය කියනවා ඔයාට ගැළපෙන චරිතය තමයි අනගි කියලා. හැමෝගෙන්ම මට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. එයට ගොඩක් සතුටුයි, මොකද මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තාම ලොකු කාලයක් නැහැ. ඒත් මේ ගෙවුණු ටික කාලෙට මට ලැබුණු ආදරණීය ප්‍රතිචාරවලට ගොඩක් ආදරෙයි. මට ඕන වුණේ නැටුම් ගුරුවරියක් වෙන්න. ඒත් අවුරුදු කුමාරි තරගය මගේ ජීවිතේම වෙනස් කළා. නොවුණනම් මම අද නිලියක් නොවෙන්න තිබුණා.

ඊට පස්සේ දෙවෙනි ඉනිමේ තමීරාගේ චරිතයට ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා නිමල් අයියා කිව්වාම මම ගියා. එදා ගොඩක් ගෑණු ළමයි ඇවිල්ලා හිටියා. මම තමයි අන්තිමටම හිටපු ළමයා. හැබැයි මාව ඒ චරිතයට තේරේවි කියලා පුංචි අදහසක්වත් තිබුණේ නැහැ.

ඇයි ඒ?

 මොකද ඊට කලින් මම ස්ක්‍රීන් ටෙස්ට් කිහිපයකට සහභාගී වෙලා තියෙනවා. ඒ තැන්වලින් මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ ගැනත් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒත් මට එදා තමීරාගේ චරිතයට පොඩි අවස්ථාවක් ලැබුණා.

ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අනගි වෙන්න ලැබෙන්නෙත් ඒ කාලෙදිම නේද?

ඔව්. දෙවෙනි ඉනිමේ ඉන්න අතරේ තමයි සාරංග මෙන්ඩිස් අයියා ඉස්කෝලේ ටෙලි නාට්‍යයට මට කතා කරන්නේ. මට මුලින්ම කිව්වේ පාසල් ළමයෙකුගේ චරිතයක් කරන්න තියෙනවා කියලා. මම අලුත් නිසා ප්‍රධාන චරිතයක් කිව්වාට ලොකු බයකුත් ආවා මේක කරගන්න පුළුවන් වේවිද කියලා. මොකද ඒකට දායක වෙලා හිටිය නළු නිළියන්වවත් මම අඳුරන්නේ නැහැ එතකොට. එත් ඉස්කෝලේ යන ළමයකුගේ චරිතයක් කිව්වාම මම ගොඩක් ආස හිතුනා. ඉස්කොලේ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතයට හොයලා තිබුණේ නැටුම් හදාරපු ළමයෙක්ව. මම පාසල් කාලේ ඉඳලා නර්තනය හදාරපු නිසා අනගි කියන චරිතය හරහා මට ලොකු දෙයක් කරන්න ලැබෙයි කියලා හිතුනා.

හිරුෂි පාසල් යන්නේ අවුරුදු කීයකට පස්සේද?

අවුරුදු 6 කට පස්සේ තමයි ආයෙත් ඉස්කෝලේ යන්න හම්බවුණේ. කොණ්ඩ දෙකක් ගොතලා අලුතෙන් සුදු ගවුමක් ඇන්දම ලොකු ආසාවක් සතුටක් දැනුණා.

හිරුෂි මේ වෙනකොට වෘත්තිමය රංගන ශිල්පිනියක්ද?

රඟපෑම වෘත්තියක් විදිහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ මම නාට්‍ය හා රංගකලාව, නර්තනය, ජනසන්නිවේදනය සම්බන්ධ බාහිර උපාධිය හදාරනවා. මම සංචාරක ක්ෂේත්‍රයේ ගණකාධිකාරිවරියක් ලෙස රැකියාවක් කළා. 2020 කොවිඩ් ප්‍රශ්නය එක්ක රැකියාව අහිමි වුණා.

පාසල් කාලේ ඉඳලා මම හීන දක්කේ නර්තන ගුරුවරියක් වෙන්න. ඒ හීනයට යන්න තමයි මගේ එකම අරමුණ.

හිරුෂි රංගනය වෙනුවෙන් කැපවීම් කරන්න කැමති චරිතයක්ද?

රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩ සියල්ලම නතර වෙලා තියෙන්නේ.

හිරුෂිගේ පවුලේ තොරතුරු?

අම්මායි, තාත්තයි, මමයි, නංගියි තමයි පවුලේ ඉන්නේ. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකව ගෙදරට වෙලා ඉන්නවා. අම්මා ගෘහණියක්. මම අධ්‍යාපනය හැදැරූවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. විශේෂයෙන් මගේ පවුලෙන් කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා.

මේ වෙනකොට හිරුෂි පෙම්වතියක් කියන්නේ ඇත්තද?

ඔව් මම පෙම්වතියක්. මට දැන් අවුරුදු 27 ක් විවාහ වෙන්න ඕන වයසට ඇවිල්ලා ඉන්නේ. කලවයස හරි ගියාට විවාහය සිද්ධ වෙන්න නම් තව අවුරුද්දක් දෙකක් විතර යාවි.

ඔහු ගැන කියන්න කැමතිද?

ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. වැඩි තොරතුරු පසුවට කියමු නේද? මගේ ගමනට ඔහුගෙන් ලොකු සහයක් ලැබෙනවා. ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. ඔහු මගේ ජීවිතේ හමුවූ හොඳ හමුවීමක් කියලා හිතෙනවා.

නදීශා අතුකෝරළ / ඡායාරූප – සජීව ලක්ෂාන්

කොණ්ඩා විලාසිතා සහ හැඩගැන්වීම්අප්සරා තිලකරත්න


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.