අවුරුදු 8ක් ලවු කරලා වෙන් වුනා, හැබැයි තාමත් ඕනෑම වෙලාවක ඇය මාත් එක්ක ඉන්නවා – චමීර


0

මේ දවස්වල ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම් කුට්ටම ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත චරිතයක් තමයි සුන්දරා කියන්නේ, ඉතින් මේ සුන්දරා කියන චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්වන චමීර ලියනගේ විසින්, රන්තිලි වැව, ගිරිදේවී, රාවනා වගේ ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගෙන ඉන්න චමීර ලියනගේ සමගයි අද අපේ කතාබහ,

ඉතින් චමීර මොකද වෙන්නේ මේ දවස්වල?

”මේ දවස්වල ඉතින් දැහැමින් සෙමින් ඉන්නවා, රංගනය පැත්තෙන් නම් මේ දවස්වල කෝලම් කුට්ටම නාට්‍ය නිසා ටිකක් කාර්යබහුලයි, මොකද ෂූටින් නිසා, ටිකක් පිටිසර ගමක තමයි ෂූටින් කරන්නේ, හරිම සුන්දර අත්දැකීමක් ඒක, ඒ වගේම මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන චන්දික විජේසේනගේ ගගන පියවර නාට්‍යත් මේ දවස්වල විකාශනය වෙනවා, ඒ නාටයේ විකාශනය වෙන්නේ ස්වාදීන රූපවාහිනියේ,”

කියන්නකෝ බලන්න මේ දවස්වල අතිශය ජනප්‍රිය වෙලා ඉන්න සුන්දරා ගැන විස්තර ටිකක්

”මම රංගනයෙන් දායක වුන චාරිත අතරින් ටිකක් ආමාරුම චරිතයක් තමයි සුන්දරා කියන්නේ මොකද මේ චරිතය ඇතුලේ චරිත දෙකක් ඉන්නවා, හරිම කෙනා තමයි සේනාල්, එයා ලොකු සල්ලි කාරයෙක්, හැබැයි ගමට ඇවිත් ඉන්නේ සුන්දරා කියන නමින් ගොඩේ චරිතයක් වගේ, කතාව ඇතුලේ සුන්දරා කියන චරිතය ඇත්තටම කවුද කියලා දන්නේ සෙනාල්ගේ ඩ්‍රයිවර් ජිනා විතරයි, ඒ කුතුහලයත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ,

මට මේ චරිතය ලැබෙන්නෙම ලොකු අභියෝගයක් එක්ක, මොකද මේ නාට්‍යයේ පලවෙනි දර්ශනයේම තියෙන්නේ ආදී තිහක් විතර උස පාලමකින් පනින්න, ඒ වෙනුවට ඩමියක් දාන්න හැදුවත් රංගනය තාත්වික වෙන්න ඕන නිසා මමයි තීක්ෂණ මල්ලියි තීරණය කළා ඇත්තටම එතනින් පනින්න, අපි දෙන්නටම පීනන්න පුළුවන් නිසා ලොකු ප්‍රශ්නයක් වුනේ නැතුව ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුනා”

චමීර දැන් පෙම්වතෙක්ද?

”අපෝ මම නම් තාම තනිකඩයා, අනේ මම තව ටික කාලයක් මෙහෙම නිදහසේ ඉන්න ආසයි, ඇත්තම කියනවනම් මේ දවස්වල කෙල්ලෙක් නඩත්තු කරනවා තියා මම ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්, ආදරේ කියන්නේ තනිකරම පිස්සුවක් කියලයි මට හිතෙන්නේ, මම අවුරුදු අටක් බොක්කෙන්ම ආදරේ කළා, ඒ ආදරේ හරිම සුන්දරයි හැබැයි අපේ නොගැලපීම් නිසා අපි දෙන්නා කතා කරලා වෙන්වෙන්න තීරණය කළා, දෙන්නෙක් ආදරේ කරලා ලොකු දුරක් යන්න බැරිනම් වෙන් වෙන එක තමයි හොඳම දේ, අදටත් අපි හොඳම යාළුවො, මගේ දුකේදී සැපේදී ඇය මගේ ළඟ ඉන්නවා, එයා දවසක විවාහ වේවි මමත් විවාහ වේවි, හැබැයි අපේ බැඳීම එහෙම්මම තමයි,”

No photo description available.
May be an image of 1 person, beard, standing, sunglasses and outdoors
May be an image of 1 person and standing
May be an image of text that says "LIFE L D 0773416516 NALEEM NALEEK KAMALDEEN"

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.