ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් සහ පිළිකාවෙන් පීඩා විදින රෝගීන්ට අවශ් සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ගණනාවක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් පෙන්වා දෙනවා.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති වන අජිත් තිලකරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණ කල අතර තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එම රෝගීන් මේ වන විට විශාල අනතුරකට මුහුණ දී ඇති බවයි.
එසේම රෝහල් පද්ධතිය තුළ පුළුන් කැබැල්ලක් හෝ ප්ලාස්ටර් කැබැල්ලක් සොයාගත නොහැකි මට්ටමේ තත්වයක් ඉදිරියේදී උද්ගත වනු ඇතැයිද ඔහු අවධාරණය කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ මේ දරුණු තත්වය උද්ගත වේ යැයි තමන් ඇතුලු රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මීට මාස කිහිපයකට පෙර සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියලුම අදාල බලධාරින්ට දැනුම් දුන් නමුදු ඔවුන් කිසිවෙකුගෙන් ඒ සම්බන්ධව හොඳ ප්‍රතිචාරයක් හෝ කිසිදු තැකීමක්වත් සිදු නොකළ බවට ඔහු මෙහිදී චෝදනා කළා.
0 Comments