ආදරේ කරන්න කලින් ඩාම් වුනා ඩූම් වුනා ඊට පස්සේ තමයි ආදරේකලේ – දිනේෂ් තරංග


0

ලංකාවේ කාලෙන් කාලෙට එක එක ගායන ශිල්පියන් බිහිවෙනවා, නමුත් ඒ බිහිවෙන තරු රැසකට කළා ලෝකයේ දීර්ඝ කාලයක් රැඳී ඉන්න ගොඩක් අමාරුයි, කොහොම වුනත් ගායන ශිල්පියෙක් විදියට කළා ලෝකයට සම්බන්ද වෙලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, ‘හැදුනද රිදුනද හිත මාගේ’ ‘ඉරණම් ගමනේ’ ‘ඔබෙන් මිදිලා’ ‘මා නුඹට පෙම් කලේ’ වැනි ගීත හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත දිනේෂ් රංගන ශිල්පියෙක් විදියටත් මේ වනවිට ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපේ අද කතාබහ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දිනේෂ් තරංග සමගයි”

දිනේෂ් ජනප්‍රිය වුනේ ගායන ශිල්පියෙක් විදියට හැබැයි දැන් දිනේෂ් රංගන ශිල්පියෙක් විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා ඉතින් කියන්නකෝ කොහොමද ඔයාගේ ප්රෙක්ෂයන් මේ රංගන අත්දැකීම බාර අරගෙන තියෙන්නේ?

”ඇත්තම කියනවනම් මම රංගනයට පිවිසීම ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුනා, මට කොහොමත් ගායන ශිල්පියෙක් විදියට 2009 වසරේ ඉඳලා ප්‍රේක්ෂක ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා, මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ රියැලිටි තරගයක් හරහා, ඒ තරඟය තුලින් මාව හඳුනාගෙන මට ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවා, ඒ නිසා මම රඟපාන නාට්‍යයේ පොඩි පොඩි කොටස් විකාශ වෙද්දී මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා”

පාසල් කාලයේ ඉඳලම දිනේෂ් මේ දේවල් වලට දක්ෂයි ද..?

”මම පාසල් කාලයේ කලේ චිත්‍ර කලාව, මොකද මගේ තාත්තා දක්ෂ මූර්ති කැටයම් ශිල්පියෙක්, තාත්තාගේ හැම මොටටුව, ඒ දේවල් පොඩි කාලේ ඉඳලම දැක්ක නිසා මම චිත්‍ර විෂයට තමයි වැඩිපුර නැඹුරු වුනේ, හැබැයි මම පොඩි කාලේ තාත්තා මට ඩ්‍රම් සෙට් එකක් හදලා දුන්නා, මම ඒක පොඩි කාලේ ඉඳලම ප්ලේ කළා, මම පාසලේදී සංගීතයට යොමුවෙන්නේ 1990 වසරේදී, එතනින් පස්සේ තමයි මම දිගටම සංගීතය සමග ජීවත් වුනේ”

දිනේෂ් විවාහ වෙලා ඉන්නේ රැන්ඩෙලා ජයසිංහ සමග, ඉතින් දිනේෂ්ගේ සහ රැන්ඩෙලාගේ ආදරේ ගැන කියන්නේ මේ වගේ කතාවක්,

”සාමාන්‍යයෙන් කියනවනම් ටීම් දෙකක් බෙදෙනවා නේ, ඉතින් එයා එක ටීම් එකක මම තව ටීම් එකක, ඕනෑම තැනැක එහෙම ටීම් එකක් තියෙනවා නේ, හැබැයි අපේ එහෙම ලොකු ෆයිට් එකක් තිබ්බේ නෑ, පාටිස් වලදී මම තමයි අම්මිලයි ගෙදර ඉස්සෙල්ලම යන්නේ, හැබැයි ඒ කාලේ මෙයාට මාව පේන්න බෑ, හැබැයි පාටිවල සින්දු කියද්දී මෙයා ආදරේම මට මොකද මම ගිටාර් එක ගගහා සින්දු කියනවා නේ, හැබැයි මට ඒ කාලේ සින්දු කියන්න හරියටම බෑ, ඒ කාලේ මම හරිම ආසයි හාර්මනි සින්ග් කරන්න, ඉතින් මම අවුට් සින්ග් කරද්දී මෙයා මාව කොනිත්තනවා,

ඉතින් එහෙම කාලය ගෙවිලා ගියා, අපිට එක වෙලාවක ආදරේ අහන්න වුනේ නෑ ඊටවඩා ලොකු තැනකට අපිට යන්න වුනා, ඒ හයිප් එක ගැන නොදැනීම අපි දෙන්නට එතනට යන්න වුනා, ඊට පස්සේ ඩාම් වුනා ඩූම් වුනා, ඊටපස්සේ තමයි මම ගැඹුරින්ම ආදරේ කතා කරන්න පටන් ගත්තේ, අදටවත් අපි දන්නේ නෑ අපි ආදරේ කරන්න පටන් ගත්තේ කවද කියලා, හැබැයි අපි හරිම ආදරෙන් ඉන්නවා”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.