ඉන්දියාවට බලපෑ තුන්වන කොවිඩ් රැල්ලෙන් අනතුරුව ප්‍රේක්ශකයින් විශාල පිරිසක් මේ වන විට සිනමාහල් කරා ඇදී ඒමට පටන් අරන් තියෙනවා.ඒ මෑතක නිකුත්වුනු ආලියා භාට්ගේ “ගංගුබායි කටියාවඩී” සහ දමිල නළු අජිත් කුමාර්ගේ “වල්ලිමයි” චිත්‍රපට දෙක නැරඹිමට.
කෝටි 180ක පිරිවැයකින් නිමවුනු “ගංගුබායි කටියාවඩී” සිනමාපටය අතීතයේ ඉන්දියාව තුල ගණිකා වෘතියට ප්‍රසිද්ධ නගරයක් වූ “කමාත්තිපුරම්” වටා ගෙතුනු සත්‍ය කතාවක් මත නිර්මාණය කර තිබෙනවා.ප්‍රකට අධ්‍යක්ශකවරයෙක් වන සන්ජේ ලීලා බන්සාලි අතින් නිමවු මේ සිනමාපටය මේ වනවිට දවස් 6ක් තුළ කෝටි 70කට ආසන්න ආදායමක් වාර්තාකර තිබෙනවා.එසේම විචාරක පැසසුමටද ලක්වී තිබෙනවා.
දකුනු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර්ගේ ච්ත්‍රපටය වන “වල්ලිමයි” කෝටි 150ක පිරිවැයකින් නිමවී ඇති අතර මේ වනවිට කෝටි 180ක් සීමාවත් පසුකොට තිබෙනවා.ධාමරික යතුරුපැදි කල්ලියක් වටා ගෙතුනු මෙහි අජිත් කුමාර් පොලිස් නිළධරියෙකු ලෙස සුපිරි රංගනයක නිරත වෙයි.
0 Comments