බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.
ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.ඉතින් නිරුපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.
සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් වන ඇය පසුගියදා දැමූ සටහනක් සඳහා බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබූණා. මේ තියෙන්නේ ඇයගේ ආන්දෝලනාත්මක සටහනයි.
ලංකාවේ සංස්කෘතිය = ඇදුම
ලංකාවේ සංස්කෘතිය = ඇදුම
කොච්චර නෑ කීවත් මේක තමා බහුතරයක් දෙනා කෙනෙක්ව නිගමනය කරන ප්‍රධානතම සාධකය !!! සාරිය ඔසරිය ඇන්දම ඔයා ලෝකෙ ඉන්න ගුණවත්ම කාන්තාව.
කොටට හිරට ෆැශන් එකක් කලාම ඔයා තමයි ලෝකෙ ඉන්න නරකම ගැහැණිය.
කිම් කාඩෑශියන් නාන ඇදුම ඇන්දම මාර ක්ලාසි
ලංකාවෙ කෙල්ලෙක් ඇන්දම එයා අරම කෙනෙක්ලූ ..
ගූගල් එකේ S*X වචනය වැඩියෙන්ම search කරන රටවල් වලින් අපේ රට උඩින්ම තියනවලු..
උප්පැන්න සහතිකයට පියාගෙ නම දාගන්න බැරිව ඈත ගම්මාන වල වසරකට දරු උපත් සෑහෙන ගානක් සිදු වෙනවලු ..හැබැයි ගැහැනු දිගට ඇදල යන්න ඕනා.එහෙම ගියාම සංස්කෘතිකයිලූ..
රෙදි කෑල්ලක් කොහොමද මනුස්සයෙක්ගෙ ආධ්‍යාත්මය මනින මිනුම් දණ්ඩක් වෙන්නේ??එහෙමනම් ,,,
පුංචි මල් කැකුලකට ගෙදරින් අඩි කිහිපයක් එහා තියන කඩේට ගිහින් පරිස්සමට ගෙදර එන්න බැරිකරන නරුමයන් බිහි වෙනවද??
ඒ අහිංසක දරුවාගේ ඇදුමේ අවුලක් තිබුනද?
ඔෆිස් ඉවර වෙලා සාරියක් ඔසරියක් ඇදන් බස් එකට නගින ගැහැණියට ගෙදරට යනකන් හෝල්ට් තුන හතරක් පරිස්සමට යන්න බැරි තත්වයක් උදා වෙනවද??
ඒ ඇදුම සංස්කෘතියට පටහැනිද ?
ලිංගිකත්වය කියන්නේ මේ ලෝකේ පැවැත්ම රදාපවතින විද්‍යාත්මක කාරණාවක් මිස ලැජ්ජාවෙන් බයෙන් සමාජයෙන් වසන් කරගෙන හංගාගෙන සිටිය යුතු මහා අපරාධයක් නෙවෙයි.මොකද මේ කතාකරන මමත් මෙය කියවන ඔබත් අද මේ ලෝකේ ඉන්නෙත් ඒ නිසාවෙන් .
කියන්න තියෙන්නේ මෙච්චරයි !!!!
මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නේ ඕනාම දෙයක කුතුහලය වැඩි වන තරමට ඒ දේට ඇතිවන නැඹුරුව වැඩි වන්නටයි.
ලංකාවේ අපි මේක මැජික් එකක් ලෙස දකින තාක් මේ ඉරණමෙන් ගොඩ එන්නට අපහසුයි.
සංස්කෘතිය = ඇදුම නම්, මම ඒ සංස්කෘතියට පටහැනි කෙනෙක්මි !!


0 Comments