ඉන්දියාවේ තහනම් වුණ උපත් පාලන කොපු දැන්වීමේ නිළිය උපන්දිනය සමරයි….


0

නිළියක පමණක් නොව රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක, පුවත්පත් තීරු ලිපි රචිකාවක ලෙස ද ජනප්‍රියත්වයට පත් වූ පූජා බේඩි මැයි 11 දා සිය පනස් දෙවන ජන්ම දිනය සැමරුවාය. මුම්බායි හි සම්භාව්‍ය නෘත්‍ය ශිල්පිනියක වූ ප්‍රොතිමා සහ රංගන ශිල්පී කාබිර් බේඩි ඇගේ දෙමව්පියන්ය. 

ඇය චිත්‍රපටිවල පමණක් නොව වෙළෙඳ දැන්වීම්වල ද රඟ පෑවාය.  1990 ගණන්වලදී දී ඇය රඟ පෑ කාමසූත්‍ර නම් වූ උපත් පාලන කොපු දැන්වීම බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නේය. එහි ඇය නිරූපණ ශිල්පි මාර්ක් රොබින්සන් සමඟය. ඉන්දියාවේ ජාතික රූපවාහිනිය වන දූරදර්ශන් විසින් එම දැන්වීම තහනම් කරන ලදී. මේ මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පූජා ඒ පිළිබඳව බොහෝ දේවල් සඳහන් කළාය. 

“ඒ දැන්වීම 1990 ඉඳන් 91 දක්වා විකාශය වුණා.. ඉන්දියාවේ තහනම් කළාට බටහිර රටවල කිව්වෙ ඒක ඉන්දියාවේ ලිංගික සම්බන්ධකම්වල පෙරළියක් ඇති කරවන දැන්වීමක් කියලා.. මට ඒ දැන්වීමට සම්මාන රැසක් ලැබුණා.. ඒ වගේම දැන්වීම් ක්ෂේත්‍රයේ ඉතිහාසයටත් එක් වෙන එකක් වුණා.. ඇත්තටම ඒ වගේ දැන්වීමක ඉඳීම ගැන මම සතුටු වෙනවා.. ඒක නව මාවතක ආරම්භයක්.. කොහොම වුණත් අද පරපුර ලිංගික සම්බන්ධකම් දිහා විවෘතව බැලීම ලොකු දෙයක්.. ” පූජා පැවසුවාය. 

පූජා පළමුවෙන්ම රඟ පෑවේ විෂ්කන්‍යා චිත්‍රපටියේය. ඉනික්බිතිව ජෝ ජීතා වෝහි සිකන්දර්, ලූතෙරේ, ආටනක් හි ආටනක් ඇතුළු චිත්‍රපටි ගණනාවක රඟ පෑවාය. ඇය බොහෝ රියැලිටි වැඩ සටහන්වල ද දක්නට ලැබිණි. 

ඇය විවාහ වුණේ ෆර්හාන් ෆර්නිචර්වාලා සමඟ 1994දීය. ගුජරාටි මුස්ලිම් ජාතිකයෙකු වූ ඔහු හා විවාහ වූවාට පසුව පූජා මුස්ලිම් ආගම වැළඳගෙන නූර්ජහාන් නමින් නම ද  වෙනස් කර ගත්තාය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබිණි. එහෙත් 2003 දී ඔවුහු දික්කසාද වූහ. 

Jawaani Jaaneman: Pooja Bedi's Shout Out To Daughter Alaya Comes With A Pic  Of '3 Generations In Film'

Pooja Bedi says one does find love after divorce: 'My dad married four  times' - Hindustan Times

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.