මුහුදු මාර්ගයෙන් අනවසර ක්‍රම මගින් ඉන්දියාවට පැමිණෙනු ලබන සිවිල් වැසියන් වැලක්වීමටත් එසේ පැමිණී ජනතාවට සරණාගතභාවය ලබාදීම අඩුකිරීමටත් ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම වසරේ මාර්තු මාසයේ සිට මැයි මස වනවිට උතුරු ප්‍රදේශයෙ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගිය සාමාන්‍ය වැසියන් 96 දෙනෙකුට සරණාගතභාවය ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය කියා සිටිනවා.ඉන්දියාවේ පිහිටි සරණාගත කඳවුරු තුල සිටින සිවිල් වැසියන් ප්‍රමාණය වැඩිවුවහොත් අධාර ඇතුලු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටලු ඇති විය හැකි බැවින් ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් නැවැත්වීමට ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් ආරක්ෂිත පියවර ගෙන ඇත.
කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුල ශ්‍රීලංකාවේ සිට ඉන්දියාවට අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් යාමට උත්සහ කල එකසිය පන්හකට ආසන්න පිරිසක් නාවික හමුදා භාරයට පත් වූ අතර ඉන්දියාවට ගිය සහ නාවික හමුදා භාරයට පත් වූ පිරිස් ඉන්දියාවට යාමට හේතු වශයෙන් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙලෙස ඉන්දියාවට පලා යන බවටය.
0 Comments