එදිනෙදා ජන ජීව්තයට අත්‍යවශ්‍ය වන ආහාර සඳහා වැයකළ යුතු මුදල් ද මේ වන විට භාණ්ඩාගාරය සතුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා අද (19) කියා සිටියේ ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සිදු කළ යුතු වියදම් සඳහා වන මුදල් වහාම සොයා ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.
එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ මෙම ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවයි.ආහාර ගැටලුව මේ වන විට ලෝක අර්බුදයක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරමින් ඇති බවත් ලෝක බැංකුව මේ තත්ත්වය කල්තියා වටහා ගෙන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තිහක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
0 Comments