උපන්දිනය සැමරූ සනාබෝයි ගැන ක්‍රීඩාලෝලීන් නොදත් කතා …


0

ඇශ්වෙල් ප්‍රින්ස් කියන්නේ කාලයක් ද.අප්‍රිකානු පිලේ නායකයෙක්..ඔහු නායකත්වය දරන අවදියක ඔහුගේ කණ්ඩායම තරඟයේ පන්දුරකිමින් සිටි අවස්තාවේ තරඟයේ මුල් ඕවර් කීපය යනවිට ප්‍රතිවාදී පිලේ ආරම්භක පිතිකරුවා හතර අතේ පහර පිට පහර දෙන්න පටන් ගත්තලු..ඔහුගේ ප්‍රධානතම පන්දු යවන්නා ඔහු වෙත ඇවිත් මේ විදියට කියලා තියෙනවා.

” මට බැහැ ඔහුට පන්දු යවන්න..ඔහුට පන්දු යැවිය යුත්තේ කොහෙටද කියලා මට තේරෙන්නේ නැහැ. “තමන්ගේ main strike bowler මෙහෙම කිව්වම ගොඩක් මැච් කැප්ටන් කරලා තිබුනේ නැති තමන් ගොඩක් අසරණ උනා කියලා ප්‍රින්ස් පසු කාලෙක කියලා තිබුනා.

එතකොට ක්‍රිකට් වලට ආපුම කාලේ, young age එකේ හිටපු මේ බෝලර්ගේ නම ඩේල් ස්ටේන්..ඔහුව භය කරපු පිතිකරුවා සනත් ජයසූරිය

අද ” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අයිතිකාරයා “ගේ 53 වෙනි උපන්දිනය..සනත් ජයසූරිය සමහර මිනිස්සු ඉන්නවා රට නිසා නම හදාගනිපුඑතනින් එහාට තවත් කතාකලොත් සමහර ක්‍රීඩකයෝ ඉන්නවා තමන් කරන ක්‍රීඩාව නිසා නම හදාගනිපු ඒ කුලක දෙකම අනිත් පැත්ත ගහපු, නමක් නිසා රටක් ජනප්‍රිය කරවපුනමක් නිසා ක්‍රීඩාවක් ජනප්‍රිය කරවපු අතේ ඇඟිලි ගානටත් අඩු විරළ නම් කීපයක් අතරේ උඩම තියෙන නමක් තමයි සනත් ජයසූරිය කියන්නේ රස්සාව අමතක කරං මිනිස්සු මැච් බලන්න හුරු කරවපු, මැච් එකක් දවසක ටවුමේ ටීවී කඩයක ටීවි එකක් ඉස්සරහා හුරේ දාන මිනිස්සු පොදියක් ඉන්න එක සාමාන්‍ය සිද්ධියක් කරවපු, ක්‍රිකට් වලට ප්‍රාණසමව ආදරේ කරන හා ආස කරන ක්‍රිකට් පිස්සන් බහුතරයක් ලංකාවේ හදපු ලංකාවේ ක්‍රිකට් වල අයිතිකාරයා ඔහු

ක්‍රිකට් වල Underdog කියන කැටගරියක හිටපු රටක මිනිස්සු අතර ජනකාන්ත ක්‍රීඩාවක් ජන ජීවිත වලට බද්ධ කරලා, ක්‍රිකට් වල ටොප් නේශන් එකක් විදියට රට හදන ගමන්, ලෝක ක්‍රිකට් වලටත් අලුතින් හිතන්න දේවල් හදපු රටක ක්‍රීඩාවකට මේ තරම් impact එකක් දීපු වෙන ප්ලේයර් කෙනෙක් මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ.ලෝකේ බිහිවෙච්ච මුල් පෙලෙ තරඟ දිනවන්නෙක්, ඔහුගේ කාලයේ සිටි top rated aggressive ආරම්භක පිතිකරුවෙක්, එක්දින තරඟ ඉතිහාසෙම උඩම ඉන්න තුන්ඉරියව් හපනෙක්.

සනත් ජයසූරිය මේ ගේම් එක ඇතුලේ මහා ගහක් වගේ මනුස්සයෙක් ඔහුට පුලුවං අවුරුදු 22 දී නොම්මර හය හත ඇවිත් හිරවෙලා තියෙන මැච් එකක අන්තිමට opposition එකේ හොඳම බෝලර්ව ඕන වෙලාවක ඇටෑක් කරලා මැච් එකක් ඉවරකරන්න.

ඔහුට පුලුවං අවුරුදු 27 දී , පුලුවං තරම් විකට් නොදී මුල් ඕවර් ටිකේ හෙමින් හෙමින් ලකුණු ගහගන්න ක්‍රිකට් approach එකක් තියෙන කාලෙක මුල් ඕවර් 10ට ලකුණු 90-100 ක් ගහන්න.ඒවගේම ඔහුට පුලුවං දවස් දෙකක් ටෙස්ට් මැච් එකක එකදිගට පැය වලින් ගත්තොත් දහ තුනක්, පන්දු වලින් ගත්තොත් පන්දු 578 ක් බැට් කරන්න.

ඒ වගේම ඔහුට පුලුවං වයස 39 දී බෝල 48 න් 114 ක් ගහන්නත්.බෝලිං වල උනත් වයස 36 දී උනත් msd වගේ නැගී එන ෆිනිශර් කෙනෙක්ගෙන් අන්තිම ඕවරේ ළකුණු 11 ක් defend කරන්න සනත්ට පුලුවං..ෆීල්ඩින්ග් වලදි මගේ පුද්ගලික මතය සනත් ජයසූරිය කියන ෆීලඩර් underrated..සනත් ජයසූරිය කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ඕන තැනක ෆීල්ඩ් කරන්න පුලුවං ‘ පට්ට ‘ කැටගරි එකේ ෆීල්ඩර් කෙනෙක්..අවුරුදු 20ක්, ජාත්‍යන්තර මැච් 586 ක් ගහපු career එකක අවස්තා දෙකක් හෝ තුනක් විතරක් ඉන්ජරීස් ඇවිත් ඇති

.( ඒකත් මට මතක විදියට ලොකු ඉන්ජරීස් නෙමේ ) ඒකෙන් පේනවා මේ මිනිස්සු මේ ගේම් එක ඇතුලේ හිටියේ මොනවගේ ලෙවල් එකකද කියලා..අද ක්‍රිකට් වල ලොකුම market place එක වෙන ආසියානු උපමහද්වීපික රටවල් වල ක්‍රිකට් වලට වානිජ වටිනාකමක් නිර්මාණය කරපු players ලා අතර සනත් ඉන්නේ උඩම..මම මගේ සටහන ලංකාවේ බිහි උන සුපිරිම පිතිකරුවෙක් වෙන සංගා ගේ වචන කීපයකින් අවසන් කරන්නම්.

” ඔහු කොතරම් වටිනා ක්‍රීඩකයෙක්ද කියනවානම් කාලයක් ඔහු මත අපේ කණ්ඩායම රඳා පැවතුන කාලයක් තිබුනා..ඔහු දැවී ගිය පසු අපේ මුලු dressing room එකම නිෂ්ශබ්ද වෙනවා..ඔහු අප සමඟ සිටින විට අනෙක් අය අදෘශ්‍යමාන යයැයි සිතෙන වාතාවරණයක් ඔහු නිර්මාණය කරලා තිබුනා “සනත් නැතුව මේ කොදෙව්වට මොන ක්‍රිකට්ද

සුබ උපන්දිනයක් සනා බෝයි


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.