එයා දැන් ඩොක්ටර් කෙනෙක්, පළමු පන්තියේ වෛද්‍ය උපාදියක් ගත් සුරංගනාවිය සජානා


0

වෙළඳ දැන්වීම් හරහා වගේම ගීත රුපරචනා හරහා ලංකාවේ බහුතරයකගේ ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිලිපිනියක් තමයි සජානා වනිගසූරිය කියන්නේ, ඇය ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ‘උණුහුම’ ගීතයේ රූප රචනාව හරහායි පසුව ඇය සඳනාරී ගීතය හරහාත් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ තබාගන්න සමත් වුනා, කොහොම වුනත් සජානා මේ දවස්වලනම් වැඩිය පේන්න නෑ, ඉතින් අපි හිතුවා ළඟදී කළා නිර්මාණයක් හරහා ප්‍රේක්ෂයන්ට සමීප නොවුන සජානා ගැන ටිකක් කතා කරන්න,

සජානා දැන් වැඩිය පේන්න නෑ ඇයි ඒ?

”ඔව් පහුගිය කාලයේ මම කලාව එක්ක වැඩිය සම්බන්දවෙලා හිටියේ නෑ, මොකද මගේ විවාහයත් එක්ක පවුලක වගකීම දරන්න මට සිද්දවුනා, ඒ වගේම මම මගේ අධ්‍යාපන වැඩ කටයුතුත් කරගෙන යමින් හිටියේ, ඉතින් පසුගිය කාලයේ මම මගේ ජීවිතේ අංක එක දීලා තිබ්බේ මගේ පවුලට වගේම මගේ අධ්‍යාපනයට, හැබැයි හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුනොත් බාරගන්නවා”

සජානා කියන්නේ ටිකක් සංවේදී බවින් අඩු චරිතයක් කියලා ගොඩක් අය කියනවා, ඇත්තද ඒ කතාව ?

”මෙහෙමයි සංවේදී නැත්තේ නෑ, මගේ හිත රිදෙන අවස්ථා තියෙනවා, මම ගොඩක් වෙලාවට කරන්නේ ඒ වගේ අවස්ථා මගහැරලා යන එක, හැබැයි ඉස්සරනම් මම සංවේදී අඩුයි හැබැයි ටික ටික වයසින් වැඩිවෙද්දී ඒ දේවල් ඉබේම සිද්දවුනා, හැබැයි මගේ මිත්‍රශීලී කමනම් ටිකක් අඩුයි, මම කා එක්කහරි කතා කරලා යාලු වෙන්න ටිකක් කල් යනවා,”

සජානා හරිම ජනප්‍රියයි, ඒ වගේම ඔයාගේ පෙනුම බොලිවුඩ් නිළියකගේ රුවකට සමානයි කියලත් සමහර අය කියනවාලු නේද..?

”සමහර අය මට එහෙම කියලා තියෙනවා, හැබැයි මම හිතන්නේ මම අපේ අම්මා වගේ කියලා, ජනප්‍රියයි කියන එකටනම් මට උත්තර දෙන්න බෑ, මොකද මම රූපවාහිනියේවත් වැඩිය පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි, ඒ නිසා ගොඩක් අය මාව දන්නේ නෑ, හැබැයි ගොඩක් අයගෙන් ආදරේ ලබන්න තරම් මම වාසනාවන්තයි”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු සජානා පසුගිය දවසක ඇයගේ ජීවිතයේ වටිනා කඩයිමක් පසුකළා ඒ තමයි ඇයගේ උපාධිය ලබාගැනීම, දැන් සජානා කියන්නේ වෛද්‍යවරියක්, පළමු පන්තියේ වෛද්‍ය උපාදියකට හිමිකම් කියපු ඇය ඒ පිලිබඳ ඇයගේ ඉන්ස්ටා ගිණුමේ සඳහන් කරලා තිබ්බා, ඔබත් මමත් හැමෝම ගොඩක් ආදරේ කරන සජානට අපි හැමෝම සුබ පතමු නේද..?


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.