ඒකෙන් පස්සේ මට ඩිප්‍රෙශන් හැදුනා මාස 8ක් රඟපාන්නේ නැතුව හිටියා – වොල්ගා


0

කාලයක් ඉඳන් පුංචි තිරය හරහා කාගේත් අවදානය වගේම ආදරේ දිනාගෙන රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයන වන පාර දිගේ නාට්‍යයේ ටුටූ විදියට ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත්ත වොල්ගා දැන් නම් වැඩිය පේන්න නෑ, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ වොල්ගා කල්පනී එක්ක ටිකක් කතා කරන්න,

වොල්ගා ගොඩක් රංගන ශිල්පිනියන්ට ලැබෙන්නේ ඒකාකාරී චරිත, හැබැයි ඔබට ලැබෙන්නේ විවිද චරිත, ඉතින් ඔබ ඒ ගැන හිතන්නේ මොකද්ද..?

”ඇත්තටම මම ඒක දකින්නේ වාසනාවක් විදියට, මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි රංගන ශිල්පිනියක් වුනාව හැකියාව වගේම වාසනාවත් තියෙන්න ඕන, මම චරිතවලට කොටු නොවූ රංගන ශිල්පිනියක් කියලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයින් පවා මට කියනවා, ඇත්තටම මට මේ ලැබිලා තියෙන දේ ලොකු පිනක්,”

වොල්ගා ජීවිතේ ලැබිලා තියෙන දේවල් ගැන තෘප්තිමත් ද..?

ඔව් මම මගේ ජීවිතේ ගැන දැන් තෘප්තිමත්, මට අවශ්‍ය සහ මම ආස දේවල් මගේ ජීවිතේ ලැබුනා, දෛවය මගේ ජීවිතෙන් ඈත් කරන්න ඕන දේවල් ඈත් කළා, දැන් දුක් වෙන්න හේතුවක් මගේ ජීවිතේ නැති තරම්, මම දෙවියන් බුදුන් ජේසුන් අදහන කෙනෙක්, ඉතින් මගේ ජීවිතේ මට අවශ්‍ය දේවල් ඉබේම ලැබෙනවා”

පසුගිය කාලයේ වැඩිය පෙන්න හිටියේ නැත්තේ ඇයි?

”මම පහුගිය කාලයේ ඩිප්‍රෙශන්වලට බෙහෙත් ගත්තා, ඒ නිසා මම මාස අටක් විතර රඟපාන්නේ නැතුව හිටියා, කට්ටිය කියලා තිබ්බා මම ආදර සම්බන්දය ප්‍රශ්නයක් නිසා තමයි මම රංගනයෙන් ඈත වෙලා ඉන්නේ කියලා, මම එච්චර බොළඳ කෙනෙක් නෙවෙයි, මම දන්න විදියට ඩිප්‍රෙශන්වලට අධියර තුනක් තියෙනවා අන්තිම එක තමයි තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගන්න එක, මම තරුණියන්ට කියන්නේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා, තමන් තමන්ට දෙයක් කරගන්න, කවුරු කොහොම කිවුවත් කාත් එක්ක ඉන්නවා කිවුවත් අන්තිමේදී ඒ කවුරුවත් නෑ තමන්ට තමන් විතරයි,

සමාජයෙන් කියපු එක එක කටකතා නිසා මමත් ඒ තත්ත්වයට පත්වුණා. මෙයා සරත් එක්ක, මිනෝෂ් එක්ක, අරයා එක්ක මෙයා එක්ක කියලා නම් ගම් එක්කම දාලා එක එක ගොසිප් දාලා. යූටියුබ් චැනල් වුණත් සල්ලි හම්බකරගන්න මිනිස්සුන්ගේ නැති දේවල් කටකතා දානවා ඇත්තටම එතකොට මිනිස්සු මානසිකව වැටෙනවා. ඒක හරිම පහත් වැඩක්, මම ඒ නිසයි මානසිකව වැටුණේ. අපේ මනුස්සයන්ගේ විදිහක්නේ.”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.