ක්ශේත්‍රයට ආදරේ නිසා හඩකැවීමට එක්වුනු තරුණයා…


0

විදෙස් ටෙලි නාට්‍යය කිහිපයක ජනප්‍රිය චරිත රැසකටම සිය හඬ ලබා දුන් ගේහාන් කෝට්ටේගොඩ සමගින් අපි මෙවර කතා බහා කළේමු. හඬකැවිම් ක්ෂේත්‍රයට තවමත් නවකයෙකු වන ඔහු දැනට ගුවන් විදුලි වැඩසටහන් කිහිපයක් සඳහාද සිය දායකත්වය ලබාදි තිබේ. මේ දිග හැරෙන්නේ ගේහාන් සමග කළ කතාවයි..

ගේහාන් කියන්නේ කවුද?

මම හඩකැවීම් ශිල්පියෙක්. හැබැයි තවමත් වෘත්තිය මට්ටමේ කෙනෙක් නෙමෙයි.  ඒ ක්ෂේත්‍රයට මම අලුත් කෙනෙක් කිව්වෙත් හරි.

හඬකැවිම් ශිල්පියෙක් විදිහට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

හඩකැවීම් ශිල්පියෙක් විදියට මම හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘රූමා’ ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරිවරයෙක් විදිහට හඬකැව්වා. ඊට පස්සේ සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘ඉම්ලී’ ටෙලි නාට්‍යයේ ‘චන්දු’ කියන චරිතයට මෙන්ම ‘ප්‍රේම දඩයම’ සිවුවැනි කතාංගයේ ‘විවේන්’ කියන චරිතයට හඬදුන්නා.  ශ්‍රී fm ‘කනාමැදිරි රාත්‍රිය’ වගේම යූ ටියුබ් නාලිකා කිහිපයකම පසුබිම් හඬකවන්නෙකු විදිහට දැනට වැඩ කරමින් යනවා.

හඬකැවිම් ශිල්පියෙක් වුණේ කොහොමද?

ඒක ලොකු හීනයක්. මම ඉස්සර ඉඳන්ම හරි ආසාවෙන් හිටියා හඩකැවීම් කියන්නෙ මොකක්ද කොහොමද කරන්නෙ කියලා දැනගන්න. ඉතින් මම ප්‍රවිණ හඩකැවීම් ශිල්පී සහ හඩකැවීම් අධ්‍යක්ෂකවරයෙකු වන අනුර ජයන්ත ගුරුතුමා යටතේ ඉගෙන ගත්තා. මුල්ම හඩකැවීම විදිහට කළේ හිරු නාළිකාවේ විකාශය වුණ ‘රූමා’ ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරියෙකුට ඒකට මට අවස්ථාව ලබාදුන්නේ හඩකැවීම් අධ්‍යක්ෂක ලහිරු කාරියවසම් අයියා. ඊට පස්සේ තමයි මම අර  සඳහන් කළ නිර්මාණවලට සම්බන්ධ වුණේ.

ඔබ දැන් වෘත්තිය මට්ටමේ හඬකැවිම් ශිල්පියෙක්ද?

නැහැ, මම වෘත්තීය මට්ටමෙ හඩකැවිම් ශිල්පියෙක් නෙවෙයි. මම වෘත්තීය මට්ටමෙන් ඇගලුම් ආ‍යතනයක මැෂින් ඔපරේට කෙනෙක් වශයෙන් සේවය කරනවා.  මගේ ආයතන ප්‍රධානියා වන දේශප්‍රිය සර්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා හඩකැවීම් වලට.  හැබැයි මේක මගේ වෘත්තිය කරගන්න දැන් අදහසක් තියෙනවා.

ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න කැමති නැද්ද?

බොහෝම කැමැත්තෙන් ඉන්නවා. ඇත්තටම මම තාම මේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඒ නිසා වැඩ ගොඩක් කරලා නැහැ. මම ආදරය කරන ක්ෂේත්‍රයක් මේක. ඉතින් දිගු ගමනක් මේ හරහා යන්න තමයි මගේ බලාපොරොත්තුව.

උදව් කරපු අය?

උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා. ඒ අතරින් මගේ ලගින්ම හිටියේ මගේම සහෝදරයෙක් වගේ ඉන්න චමීර දර්ශන් අයියා සහ එයාගේ අම්මා, තාත්තා, අක්කා.  ඇත්තටම කිව්වොත් මගේ පවුල තමයි ඒ අය.  ඒ වගේම හඩකැවීම් අධ්‍යක්ෂක කාන්චන අමරරත්න, දීපාල් සාමක, තුසිත කරවිට, ජීවන් ප්‍රසංග යන මහත්වරුන් ලොකු සහයෝගයක් දුන්නා මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දි මට. ශ්‍රී fm කනාමැදිරි රාත්‍රියට මම සම්බන්ධ උනේ විකුම් රනතුංග අයියා නිසා ඒ අවස්ථාව ලබා දුන් ඔහුටත් බොහෝම ස්තුතියි කියනවා මේ අවස්ථාවේදී.

බුද්ධික සේනාධීර


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.