
ඉතා අහම්බයකින් කලා ක්ෂේත්රයට ඇවිල්ලා මේ වන විට කලා ක්ෂේත්රය තුළ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපේ ආදරය ඉහළින්ම ලබා ගන්න රංගන ශිල්පිනියක් තමයි දිනේෂා රන්දෙනි කියන්නේ. අහස් මාළිගා ටෙලි නාට්‍යයට මුලින්ම රංගනයෙන් දායක වුණු දිනේෂා මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ශාලිකා විදියට රංගනය කරනවා.

ඒ වගේම වලවෙට්ටුවා ටෙලිනාට්‍යයෙත් ටෙලි නාට්‍යයේත් රංගනය කළ දිනේෂා හිරු නාළිකාවේ විකාශය වන මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ සචිනි විදියට ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබාගන්නවා. හිත ළඟ හිනැ හුණා ටෙලිනාට්‍යයේත් රංගනය කරන ඇයව ගොඩක් දෙනා හඳුනා ගන්නේ නම් සචිනි චරිතය හරහායි.
ජපන් යන්න හිටපු දිනේෂා දැන් හැමෝම දන්න රංගන ශිල්පිනියක් වෙලා. දැන් නම් එය කලා ක්ෂේත්රය තුළ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඉතින් සචිනිගේ අනාගත බලාපොරොත්තු සහ ආදරය ගැන ඇය හිතන විදිහ මේ විදිහටයි දිනේෂා පුවත්පතකට කියලා තිබුනෙ.

” දැන්නම් ජපන් යන්න අදහසක් නෑ. මට ඕන කලා ක්ෂේත්රය තුළින් සම්මානයක් ලබා ගන්න. ඒ වගේම දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්නටත් බලාපොරොත්තුවක් තියෙනවා. ක්ෂේත්රයේ අයගෙන් යෝජනා එනවා. නමුත් මම ඒ කට්ටියට මගේ අකමැත්ත පළ කරනවා. මට ඕනෑ ඉන්න ටික කාලේ අම්මයි තාත්තයි හොඳින් බලාගෙන අක්කා මල්ලි එක්ක ඉන්න. බඳින්න ඕන කියලා නීතියක් නෑ නේ.’’
0 Comments