මීගමුවේදී රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් පන්සිය හතලිස් එකක් සොයා ගෙන තිබෙන බව වාර්තා වනවා. මෙම වැටලීම මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සිදු කර තිබෙනවා.
මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බවයි වාර්තා වන්නේ.
එම සැකකරුවන් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments