නෙට්ෆ්ලික්ස් ඔස්සේ පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කල “ද ග්‍රේ මෑන්” සිනමාපටය ලොවපුරා අත්කරගත් සාර්ථකත්වය නිසා ඉදිරියේදී ග්‍රේ මෑන් චිත්‍රපට මාලාවක් සහ කතා මාලාවක් නිශ්පාදනය කිරීමට එහි නිශ්පාදකවරුන් තීරණය කර ඇත.
ලොවපුරා ප්‍රේක්ශකයින් අමන්දානන්දයට පත්කල ඇවෙන්ජර්ස් සිනමාපට මාලාවේ අධ්‍යක්ෂකවරුන් වන රූසෝ සහෝදරයන් විසින් අධ්‍යක්ෂණය කරන මෙහි රයන් ගොස්ලින්,කැප්ටන් ඇමරිකා ලෙස රගපෑ ක්‍රිස් එවන්ස් ,ඇනා ඩි අර්මාස් සහ දකුණු ඉන්දීය නළු ධනුෂ් ද රන්ගනයෙන් දායක වේ.
මෙහි කථාව CIA රහස් ඔත්තු සේවයේ ඇති සියේරා සික්ස් නම් රහස් සංවීධානයේ නියෝජිතයන් වටා ගෙතී ඇති අතර විශිෂ්ඨ ක්‍රියාදාම ජවනිකා රැසකින් සමන්විත වේ.

0 Comments