ජන ගන මන බැලුවද ? Movie Review


-1
-1 points

ෆිල්ම් එකක ට්‍රේලර් එක මොන විදියේ එකක් වෙන්න ඕනෙද කියලා ඇහුවොත් මම කියනවා ඒක ‘ජන ගන මන’ එකේ ට්‍රේලර් එක වගේ වෙන්න ඕනෙ කියලා. ට්‍රේලර් එක බැලුවම ‘අඩේ මේක නම් පට්ට මූවියක් වගේ, මේක නම් බලන්නම ඕනෙ’ කියලා Audience එකට හිතෙනවා නම් අන්න ඒක තමයි නියමම ට්‍රේලර් එකක් කියන්නෙ.

මේ තියෙන්නෙ එහෙම එකක්.”ඔය ටික මම ලිව්වේ ‘ජන ගන මන’ එකේ ට්‍රේලර් එක බැලුවට පස්සෙ ආපු කික් එකට. දැන් ෆිල්ම් එක බලලා ඉවරයි. ඒ කොටසින් මම මතු කරපු අනුමානය හරියි කියන්නයි මේ ටික ලියන්නේ.ඇත්තටම ‘ජන ගන මන’ කියන්නේ බය නැතිව හැමෝටම බලන්න කියලා recommend කරන්න පුලුවන් ජාතියේ වැඩක්.

බලලා ඉවර වුනාට පස්සෙත් සෑහෙන්න දේවල් හිතන්න ඉතුරු කරපු මූවියක්. ඔබේ, මගේ අපි බහුතරයකගේ mind set එක ටිකක් වෙනස් තැනකට ගෙනියන්න පුලුවන් ජාතියේ නිර්මාණයක්. මොකද මේ චිත්‍රපටය ඇතුලේ කතා කරන කාරණය ඉන්දියාවට විතරක් නෙවෙයි ලංකාවෙ අපිටත් හරි සමීපයි. මේක පැය 2 යි විනාඩි 40ක් දිගයි. හැබැයි වගකීමෙන් කියනවා ඒ වෙලාව නම් දැනෙන එකක් නෑ.

ඒ තරම්ම ෆිල්ම් එක interesting. මුල් විනාඩියේ ඉඳන් අවසන් විනාඩිය දක්වාම ඇස් දෙක ස්ක්‍රීන් එකේම තමයි. මේක crime, thriller මූවියක්. political thriller එකක් කියන්නත් පුලුවන්. second half එකට එද්දි mystery, suspense elements එහෙමත් එකතු වෙනවා. ෆුල් පැකේජ් එකක් කිව්වත් වැරදි නෑ. first half එක සුරජ් ඇදගෙන ඇවිත් second half එක බාර දෙනවා ප්‍රථිවිට.

දෙන්නගෙම ඇක්ටින් හැමදාම වගේ මරු. ෆිල්ම් එකේ අවසන් හරියට එද්දි සම්පූර්ණ කතාවම කණපිට හැරෙනවා. සෑහෙන දේවල් හෙළිවෙනවා වගේම සෑහෙන දේවල් ටිකක් ඉතුරුත් වෙනවා ප්‍රශ්නාර්ථයක් විදියටම. ඒ ප්‍රශ්න ටික විසඳගන්න නම් ෆිල්ම් එකේ 2වෙනි කොටස බලන්න වෙනවා. ඔව්, ප්‍රථිවිරාජ්ම කියන විදියට ‘Jana Gana Mana’ කොටස් දෙකකින් යුක්තයි.

බොහෝ දුරට දෙවන කොටසට අදාල දර්ශනත් රූගත කරලා ඉවරයිලු. තිරගත වෙන දිනයක් ගැන නම් තාම සඳහනක් නෑ. බොහෝ දුරට ලබන වසරේ වේවි.හරි එහෙනම්, පොදු ජන මනස කියවගන්න…ජන ගන මන බලන්න. Highly Recommend!

Jana Gana Mana Movie Review: Prithviraj, Suraj anchor an epic, high-impact  political thriller- Cinema express
Jana Gana Mana was conceived as a two-parter: Prithviraj- The New Indian  Express
Jana Gana Mana' trailer featuring scenes of the movie's second part? |  Entertainment News | English Manorama

Like it? Share with your friends!

-1
-1 points

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.