ටොම් කෲස්ගේ TOP GUN MAVERICK 2 සිනමාපටය මේ වන විට ලොව පුරා අතිසාර්ථකව තිරගතවන වනවා.මේ වන විට ඇමරිකාව තුළ පමණක් ඩොලර් මිලියන 679 ක ආදායමක් උපයා ඇති TOP GUN ඇමරිකාව තුළ පමණක් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ 6වන ස්ථානය දක්වා පැමින ඇත්තේ මීට පෙර එම ස්ථානයේ සිටි AVENGERS-INFINITY WAR ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් ඉපැයූ ඩො.මිලියන 678ක ආදායම පසුකරමින් වීම විශේෂත්වයක්.
ඇමරිකාව තුළ පමණක් එසේ වනවිට අනෙකුත් රටවලින් මෙම චිත්‍රපටය ලැබූ ආදායම ඩො.මි 700ක් පමණ වේ.එයින් වැඩි කොටසක් එක්සත් රාජධානිය,ජපානය සහ කොරියාවෙන් හිමි වී ඇති අතර මෙය ටොම්ගේ සිනමාදිවියේ අතිසාර්ථකම සිනමාපටය වේ.
1987 මෙහි පළමු කොටස තිරගත වූ අතර එවකට එය ජනප්‍රියම චිත්‍රපටයක් වූ අතර දශක 3කට පසු වුවද මෙහි රසය සහ ටොම්ගේ රංගනය ,පෙනුම ඒ අයුරින්ම තිබීම මෙහී සාර්ථකත්වයට හේතුවක් වී තිබෙනවා.
ඇමරිකා ගුවන් හමුදා නියමුවෙක් වටා ගෙතී ඇති මෙම ක්‍රියාදාම සිනමාපටයේ සියළු පියාසර කිරීමේ දර්ශන විශේෂ ප්‍රයෝග යොදානොගනිමින් සත්‍ය ලෙසම රූපගත කර තිබීම විශ්මය දනවනවා.
අගෝස්තු 24 වන දින මෙම චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරෙන අතර ඔබත් සිනමාවට ආදරය කරන අයෙකුනම් අනිවාර්යෙන්ම නැරබිය යුතු ච්ත්‍රපටයක්.
0 Comments