ටොයිලට් ගිහින් එන ඩිංගට පියුමිට ලැබුණ කෝටිගානක තෑග්ග


0

ආසියාවේ හොඳම නිරූපිකාව විදියට කිරුළු පැලඳු සුන්දර රුවකට කිහිකම් කියන ආදරණීය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් තමයි පියුමි හංසමාලි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න ඇය, ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න චරිතය විදියටත් පියුමි හංසමාලිව හඳුන් වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න පියුමි හංසමාලි සමග,

අපි දකින පියුමි සහ ඇත්ත පියුමි කියන්නේ දෙන්නෙක්, ඇත්තටම පියුමි කියන්නේ විසේකාර, දඟකාර, චරිතයක්ද..?

”මම ඔය හැම එකකම සම්මිශ‍්‍රණයක්, හැබැයි මම මවක්, මම යාළුවො එක්ක ඉද්දී විනෝදයෙන් ඉන්න හොඳ යෙහෙලියක්, හැබැයි මම කිසිම වෙලාවක මවක් විදියට මගේ යුතුකම් වගකීම් පැහැර හැරලා නෑ, මම උත්සහ කරන්නේ සුන්දර විදියට ජීවිතේ විඳින්න, මම දැන් පෙම්වතියක්, බිරිඳක්, ඉතින් හරියටම පියුමි කියන්නේ හැම දෙකම එකතුවක්”

පියුමි හිතන්නේ ජීවිතේ කියන්නේ මොකක් කියලද..?

”මට හිතෙන විදියට ජීවිතේ කියන්නේ පුදුමාකාර දෙයක්, ගැහැනියක් විදියට ඉපදුනාම සෑහෙන්න දුක් ගැහැට වලට මුහුණ දෙන්න වෙනවා, සමාජයෙන් එක එක කතා අහන්න වෙනවා, විශේෂයෙන්ම ඔය දේවල් තියෙන්නේ ආසියානු රටවල් වල, එක තමයි ස්භාවය, දෙවියන් වහන්සේ දුන්න ජීවිතේට අපි මුහුණ දෙන්න ඕන, මම ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක්, මම තේරුම් අරන් තියෙන්නේ ජීවිතය කියන්නේ විශාල දෙයක් කියලා, ඕනෑම දෙකට මුහුණ දෙන්න මම සූදානම්,”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි අද ඇයගේ 30වන උපන්දිනය සැමරුවා, ඉතින් ඒ පිලිබඳ ඇය හරිම අපූරු සටහනක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා ඒ තමයි

”මට දැං හරියටම අවුරුදු 30 යි අදට.ඉතිං මම රටවල් වලට මිට කලින් ගිහින් තියනවා.ඒ යන කාලේ මට බෝයි ෆ්රෙන්ලත් ඉඳලා තියනවා. නැතුව නෙවෙයි එත් බෝයි ෆ්රෙන් කෙනෙක් එක්ක පිටරටක යන පලමු ආවාස්තාව මේක, මගෙ තිබ්බ ලොකු හිනයක් ඉතිං මෙච්චරකල් යාලුවො එක්කම විතරයි රට ගිහින් තියෙන්නෙ.

අද තමයි මම පණවගේ ආදරෙ කරන කෙනා එක්ක අත අල්ලං ෆ්ලයිට් එකක යන්න ලැබුනෙ, හිතේ තිබුන අහිංසක හීනයක් මගෙ කවදා හරි දවසක ආදරෙ කරන කෙනා එක්ක රටකට යන එක. මෙ විසා එක ට්‍රයි කරෙ දැං මාස 4 ක ඉදලා. ඒකත් මට ලැබුනෙ මගෙ උපන්දිනෙ දවසෙමයි. තෑන්ක් ගෝඩ් මගෙ විසා එකනම් ඔකෙ මොකද මම හැම අවුරුද්දකම turkey යන නිසා. මෙයා ෆස්ට් ටයිම් නෙ turkey ඉතිං ටිකක් කල් ගියා මාහත්තයාගෙ වීසා එක එන්න. හරියටම අදම ලැබුනා එක ඉතිං දැං කට්ටි බලයි ඇයි මෙ පියුමි හදිස්සියෙම turkey ගියෙ කියලා. ලගදිම දැන ගන්න පුලුවන් චුට්ටක් ඉවසන්න.’ කියලයි,

කොහොම වුනත් මේ ගුවන් ගමනේදී සිදුවෙලා තියෙන්නේ පියුමිට හිතා ගන්නවත් බැරි දෙයක්, ඒ තමයි පියුමිගේ පෙම්වතා පියුමිට අපූරු තෑග්ගක් දීලා තිබ්බ ඒ පිළිබඳත් පියුමි සටහනක් තියලා තිබ්බා ඒ තමයි

”Ma babe bhooo Pragith Mendis I’m surprised thank you so much මගෙ dream ring එක අනෙ හොරාට එක අරං I love u so much happy birthday to me මට wish කරපු හැමොටම thank you so much” කියලා,

ඒ වගේම පියුමිට මේ තෑග්ග දුන්න විදිය පිළිබඳවත් ඇය අපූරු සටහනක් තියලා තිබ්බා ඒ වීඩියෝවක් හරහා, එහි සඳහන් වෙලා තිබ්බේ ”බය වුනා, ටොයිලට් එකට ගිහින් ආවගමන්, හොඳටම බය උනා, එනිවේ තැනක් යූ සෝමච්” කියලා,

පියුමිට ලැබිලා තිබ්බේ ලක්ෂ ගානක් වටිනා මුද්දක්, ඇය ගොඩක් ආසාවෙන් ගන්න බලාගෙන හිටපු මුද්දක් තමයි ඇයට මේ තෑග්ගක් විදියට ලැබිලා තියෙන්නේ කියලා, ඉතින් හැමෝම ආදරේ කරන පියුමිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා..!


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.