“මා ඔබට පෙම් කළේ” ගීතයෙන් සියල්ල වසඟයට ගත්ත ඒ ආදරණීය ගායන ශිල්පියාව ඔබට මතක ඇති. ඔහු දිනේෂ් තරංග. සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන වැඩිපුර කතාබහක් ඇතිවුණේ, ඔහුගෙත් ආදරණීය බිරිඳගෙත් නොගැළපීම් ගැන නොයෙකුත් විවේචන පළ කරමින්.
ඒ කොහොම වුණත් ඒ හැම විවේචනයක්ම “ආශිර්වාදයක්” කරගත්ත මේ යුවළ අදටත් මහ ගොඩක් ආදරේ බෙදා හදා ගන්නවා. ඉතින් පසුගිය දවසක දිනේෂ්ට ආදරණීය බිරිඳගෙන් අපූරූ තෑග්ගක් ලැබිලා තිබුණා.
ඒ ගැන සඳහන් කරමින්, දිනේෂ් මුහුණු පොතට එක් කළ සටහනයි මේ..
නැතිදා ඇතිදා… නොලැබුණදා ලැබෙන දා… කියලා ඔයාගේ වෙනසක් කවදාවත් තිබුණේ නෑ. ඒ හැමදාම ඔයාට ඕන වුනේ මම ආස කරන දේ මට දෙන්න. ඔයාට “අම්මි” කියනවට විවේචන කොයි තරම් තිබුනත් මම අදටත් මගේ නෝනා උන ඔයාට “අම්මි” කියන්නේ අන්න ඒ නිසාමයි.

0 Comments