දුවෙක් ඉල්ලා කිරිවෙහෙරට බාර වුනු මංජුලා…


0

කලක් මෙරට ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුන්දර දක්ෂ රංගන ශිල්පිනිය මංජුලා කුමාරි. නමුත් මංජුලා මේ වන විට නම් කලා ලෝකයේ නිර්මාණත් එක්ක නිතර දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ.

කලා කටයුතුත් එක්ක වැඩිපුර සම්බන්ධ නොවුණත් රූපවාහිනි විනෝදාත්මක වැඩසටහන්වලට සහබාගි වෙන්න ඇය අමතක කරන්නේ නැහැ. මංජුලා කලාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ ඇයගේ ආදරණිය පුතා සහ දුවගේ වැඩකටයුතු පිලිවෙලට කරන්න ඕනි නිසා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම අතිදක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන් කෙනෙක්. ජීවිතයේ රංගන ශිල්පිනියක් විදියට විදිහට බොහෝ දේවල් සාර්ථකව ඉටුකර ගත්තු මේ සුන්දර තාරකාවිය අද වෙද්දි ස්වාමි පුරුෂයා සහ ආදරණීය දුවයි පුතයි එක්ක සතුටින් ජීවිතය ගත කරනවා.

මංජුලාගේ ආදරණීය දියණියට දැන් අවුරුදු හතරයි ඒවගේම පුතාට දැන් අවුරුදු හතයි. මේ දෙන්නා අතර අවුරුදු 3 ක පරතරයක් තියනවා ලු. ඒ වගේම තමයි පුතා ටිකක් දඟ වුණාට දුව නම් එතරම් දඟ නෑ කියලත් ඇය සඳහන් කරනවා. දුව හරිම හුරතල්. ඒ වගේම පුතා දැන් ටිකක් ලොකු නිසා ඒ ගත කරන ජීවිතේ වෙනම සුන්දරත්වයක් තියෙනවා කියලත් ඇය ප්‍රකාශ කළා. දරුවන් ලබන්න විවාහ වුණාට පස්සේ බොහෝ දෙනෙක් ආස කරනවා ඒක තමයි ඕනෙම කෙනෙක්ගේ මූලික අරමුණ. ඒ විදිහට මංජුලත් ආදරණීය දරුවන් පාර්ථනා කරපු සෙනෙහේබර අම්මා කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“පුතා ඉපදුනේ 2015 අවුරුද්දේ අවුරුදු තුනකට පස්සෙ මට දුවෙක්ව ඕනේ වුණා. මට දුවෙක්ම ඕනෙයි කියන විශ්වාසය මගේ හිතේ තදින්ම තිබ්බා ඒ වෙනුවෙන් මම බෝධි පූජා තිබ්බා. විශේෂයෙන් කිරි වෙහෙර මම ගොඩක් විස්වාස කරන වැඳුම් පිදුම් කරන තැනක් ඒ නිසා පුතාට අවුරුදු තුනේදී මට දුවෙක් ඕනෑ කියලා මම කිරිවෙහෙරට බාර වුණා. පාන්දර හතරට කිරි ආහාර අරගෙන මම එතනදි භාර වුණා අවුරුදු තුනකට පස්සේ පුතාගේ උපන් දිනය දවසේ චූටි දුවත් ඉපදුනා. දුව ඉපදුනේ පිටරට”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.