නිමන්ති පෝරගේ උපන්දිනය සැමරූ හැටි….


0

පුංචි තිරය හරහා අපට සමීප ආදරණීය තාරකාවක් තමයි නිමන්ති පෝරගේ. ගෙවුණු දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ආරංචි හැටියට නම් නිමන්ති එදා දවසෙ හොඳටම සප්‍රයිස් වෙලා වගේ. ඒ ගැන අපිත් දැනගත්තෙ ඇය තැබූ මේ සටහන නිසයි. සටහනට අමතරව ඇය අපූරු රූ එකතුවක් ද ඊට එකතු කරගෙන තිබුණා.

 
“ඉදිරි මාස කීපය දුශ්කරයි කියලා අපව දැනුවත් කරලා තියෙද්දී ත් ,
මේ වගේ වටිනා Birthday Gift එකක් 
මට දුන්න ඔයාට 
ඉදිරි අවුරුදුවලත් 
මෙවැනී තෑගි දෙන්නට සිත් පහළ වේවා 
ආදරෙයි ගොඩාක්….”
 
“මගේ උපන්දිනය ට දින 4 කට කලින් ඉදන් උපන්දිනය දා හවස 4 වෙනකම් හිතා ගන්න බැරි විදියට මාව අන්දපු මගේ ආදරණීය ස්වාමිපුරුෂයා ( Prabath Roshan ) සහ මගේ ආදරණීය යහළු යෙහෙළියන් සියලුම දෙනාට ගොඩාක්  ස්තුතී ( Roshini , Shankini ,  Priyankara , Prathi , Jayasooriya , Umanga ).
 
Photo shoot එකකට පත්තරයකින් 10 වෙනිදා හවස එනවා කියලා , Dress code එක Red & Black කිව්වා කියලා කොළඹ වටේම කෝටා එකට ගහගත්ත පෙට්‍රල් ටිකත් පුච්චගෙන මාව shopping කරවපු , දින හතරක් මගේ වටිනා කාලය මහ පාරේ දිය කරපු , පත්තරෙ අහිංසක මිනිස්සුන්ට මගේ අහිංසක හිතෙන් දොස්  නගවපු (10 වෙනිදා ම එන්න ඕනෙ උනානෙ මේගොල්ලොන්ටත් ඒ මදිවට dress code  එකකුත් දීලානෙ කියලා )
උදේ ඉදල උපන්දිනය ට සුභ පතන අතරෙත් මාව අන්දපු ඉහත සදහන් සියලුම දෙනාට ආයෙත් ස්තිතී.
 
මගේ husband  සහ යෙළියන් සමග එකතු වෙලා birthday cake හදලා මුකුත් නොදන්න ගානට මට whish මේ සැරෙ ඇයි කේක් එකක්වත් ඕඩර් කළෙ නැත්තෙ කියලා මාව තවත් අන්දපු Vijitha Kumara  ට ගොඩාක් ස්තුතී ( cake එක නම් සුපිරි )
 
අල්පෙනෙති තුඩක තරම්වත් දෙයකින් මම සූදානම් නොවනු අඩුම තරමෙ අලුත් ඇදුමක් වත් නොගත් මගේ උපන්දිනය හිතා ගන්න බැරි තරම් ලස්සන කරපු.. මගේ සැමියා ගේ සැලසුමට උපරිම සහයෝගය දුන්න මේ යාළුකමට මම ගොඩාක් ආදරෙයි . යාළුවෝ නම් ඉතින් මෙහෙම යාළුකම්ම වෙන්න ඕනේ.
 
ඒ වගේම මේ සියලුම දේට මුල් උන ඊයේ දවස මට ආදරය සතුට පිරුණු දවසක් බවට පත් කළ මගේ ආදරණීය ප්‍රභාත් ට ගොඩාක් ස්තුතී…”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.