මෙරට සංගීත ක්ෂෙත්රයට අපූරූ නිර්මාණ බොහෝමයක් තිළිණ කළ ඇය අද උපන්දිනය සමරනවා. ආදරණීය නිරෝෂා විරාජිනිය. මේ දිනවල හිරු ස්ටාර් වේදිකාවේත් ඇය විනිසුරුවරියක් ලෙස කටයුතු කරනවා.
ඉතින් නිරෝෂාගේ සමීපතම හිතවතියක් තමයි, පියුමි බොතේජු. පියුමි ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට නිරෝෂා ගැන ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා.
මේ තියෙන්නෙ ඒ සුබ පැතුම…
විරාජිනිය, අවුරුදු ගානක අපේ යාලුකම මේ යාලුකම ඇතුලේ කවදාවත් අපේ හිත් රිදිලානෑ ඒක තමයි වටිනම දේ අනික නිරෝගේ නිහතමානීකම, ඒක තමයි ඇගේ ආභරණය. දැන් නන් යාලුවෙක් නෙවෙයි අපේ අම්මිගේ චුටි දුව ( හොදචූටී) ඕනම දේකට ඉතින් දුවලා එන්නේ මේ දෙන්නා තමයි. ලියන්න ඕන තරන් දේවල් තියෙනවා ඒ අතරින් වැඩිපුරම ආස එයා එක්ක film බලන්න යන්න! programme එකකට ආපු ගමන් ඒ විස්තරේ කියනවා. අද ඉතින් අපේ විරාජිනි ගේ උපන්දිනය ඉතින් මැණිකේ නිදුක් නීරෝගී පැතුම් ඉටුවෙන සුබ උපන්දිනයක් ඔයාට ආදරෙයි.
0 Comments