මනුරංග විජේසේකර කියන්නේ ජනප්රිය ගීත රචනකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතින් රචනා වුණු ගීත තරුණ පරපුර අතර අතිශය ජනප්රිය වුණා. මනුරංගට පුංචි දියණියක් ඉන්නවා. ඇය නමින් කෛකෂී දුආනා විජේසේකර. කලා ලෝකේ කලා තරු බොහෝමයකගේ ආදරය ලබන්නට කෛකෂී සමත් වෙලා තියෙනවා
එයට හේතුව වන්නේ මනුරංග සහ ඔහුගේ බිරිඳ දිල්තාරා සමඟ මේ පුංචි සිඟිත්තිය සැම කලා වැඩ කටයුත්තකටම පාහේ සහභාගි වෙනවා. ඊයේ ඇයගේ තුන්වැනි උපන්දිනය සැමරුවා. උපන්දිනය දා දියණිය වෙනුවෙන් මනුරංග ආදරණීය සටහනක් ලියලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි…
“කෛකශි ..දුව… ඔයාට දැන් අවුරුදු තුනක්. සුභ උපන්දිනයක්… ඔයා කවදා හරි මම මේ අද ලියන එක කියවන්න . ඔයා දැන් ටික ටික ලොකු වෙනවා. මේ වෙනකොට ඔයාට ගොඩක් දේවල් තේරෙනවා. කාලය අපි හිතනවට වඩා ඉක්මනට ගෙවෙනවා. අපි තුන්දෙනාම ඉන්නේ හොඳම යාළුවො තුන් දෙනෙක් ඉන්නවා වගේ. මම යන හැම තැනකම ඔය දෙන්නත් ඉන්නවා. රැයක් දවාලක් කියලා ඔයාටත් දැන් වෙනසක් නෑ.
මට ඕනේ මේ ජීවිතය කියලා කියන, පුංචි කාලයෙන් වැඩිම වෙලාවක් ඔයාගෙ ජීවිතෙත් එක්ක ඉන්න.. මට අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා ජීවිතේ කොතනක හරි පරාද වෙන ඕනෑම තැනකදී ඔයාට සතුටින්ම එන්න පුළුවන් තැන තමයි ඔයාගේ ගෙදර..
මේ ලෝකේ හැම ළමයකුටම පුළුවන් දෙයක්, ඔයාට බැරි උනත් අපිට ප්රශ්නයක් නැත. ඔයා ඔයාට හොඳටම කරන්න පුළුවන් දේ විතරක් කරන්න. පන්තියේ අන්තිම වුණත්, තරගයකින් පරාද වුනත් ,ජීවිතයේ ඕනෑම තැනක වැටුනත් සතුටින් ගෙදර එන්න. මොකද මේ ගෙදර ඉන්නේ ඔයාගේ හොඳම යාළුවෝ දෙන්නෙක් විතරයි”

0 Comments