පහන් කණුව යට කදුලු සලන්නියන්ගේ වීරවරිය ගංගුගේ සත්‍ය කතාව


0

ඉන්දීය මාධ්‍යවේදී හුසේන් සයිඩි විසින් රචිත Mafia queens of Mumbai (2011) ග්‍රන්ථයේ මුම්බායි නගරයට බලපෑම් කළ කාන්තාවන් දහතුන් දෙනෙකුගේ ජීවිත පිළිබඳ තොරතුරු අඩංගු වේ. එහි ඔහු ගංගුබායි පිළිබඳ තොරතුරු ද ලබා දෙයි.

මේ අනුව ගංගුබායි උසස් අධ්‍යාපනයක් ලැබූ පවුලක වූ අතර චිත්‍රපටවල වැඩ කිරීමට උමතු වූවා. 16 හැවිරිදි ගංගුබායි ඇගේ පියා යටතේ රැකියාවක නිරත වූ 28 හැවිරිදි රම්නික් ලාල් සමග මුම්බායි වෙත පලා ගොස් විවාහ වෙනවා. විවාහ වී දින කිහිපයක් ඇතුළත ඇගේ සැමියා ඇයව කමාතිපුර් ප්‍රදේශයේ ගණිකා නිවාසයකට රුපියල් 500කට විකුණනවා. පෙම්වතාගේ රැවටීමට ලක්වන ගංගු අකමැත්තෙන් වුණත් ගණිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා.

කෙටි කලකින් ගංගුබායි කමාතිපුර් ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයන් අතර ප්‍රධානියා බවට පත්වෙනවා. මේ කාලයේදී ෂවුකට් ඛාන් පතාන් නම් මැරයා ඇයව මූල්‍යමය හා ශාරීරිකව සූරාකෑමට පටන් ගන්නවා. ගංගුබායි පතාන් ගැන පැමිණිලි කිරීමට එවකට පාතාල ‍කල්ලි නායකයෙකු වූ කරීම් ලාලා වෙත යනවා. ලාලා ඇයට උදව් කරන බවට සහතික වන අතර ගංගු ඔහුගේ අතේ ඒ වෙනුවට රාකියක් බදිනවා. මෙයින් පසු ෂවුකට් ඛාන්ට, ලාලා විසින් දැඩිව පහරදී අවවාද කොට නගරයෙන් එළවාදමනවා.

එතැන් සිට, කරීම් ලාලාගේ සොහොයුරිය ලෙස ගංගුබායිගේ කීර්තිය 1960 ගණන්වලදී වර්ධනය වනවා. ඒ සමගම කාමතිපුර ශාන්ත අන්තෝනි උසස් බාලිකා විද්‍යාලය ආරම්භ වීම්ට යෝජනාවක් එනවා. මේ නිසා ගණිකා මඩම ඉවත්කරන ලෙස රජයෙන් නියෝගයක් ආවත්, ගංගුබායි මෙයට දැඩි ලෙස විරුද්ධ වෙනවා. එවක අගමැති ජවහර්ලාල් නේරු වෙත ඇයගේ නඩුව ඵලදායී ලෙස ඉදිරිපත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා මඩම වෙනත් ස්ථානයකට ගෙන යාම අවලංගු වෙනවා.

මේ කාලයේ ගංගුබායි ගණිකා ව්‍යාපාරයේ යෙදී සිටින අනාථ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ විවිධ ප්‍රශ්න වෙනුවෙන්ද කටයුතු කරනවා.නිළියක් වීමේ සිහිනයෙන් නිවෙස්වලින් පැන ගොස් ගණිකා වෘත්තියේ නියැලීමට වූ බොහෝ අහිංසක අසරණ තරුණියන්ට ඇය ගැලවුම්කාරිය වනවා . මේ හේතුව නිසා කවුරුත් ගංගුබායිට ගෞරවාන්විතව කතා කළේ ගංගා මා (අම්මා) යනුවෙනි. ඇයගේ මරණයෙන් පසු, එම ප්‍රදේශයේ ගණිකා මඩම්වල ඇයගේ ඡායාරූප සහ ප්‍රතිමා ඉදිවෙනවා.

වර්තමානයේ Red light area ලෙස හදුන්වන එම ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් අතරේ ඇය ජීවමාන වීරවරියක් වනවා.

මෑතක තිරගත කිරීම ඇරඹු ” ගංගුබායි කතියාවාදී” සිනමාපටයේ මෙම සත්‍ය සිද්ධිය ඇතුලත් වන අතර ප්‍රේක්ශකයින්ගේ දැඩි ආකර්ශනයට ලක්වී තිබෙනවා.සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම සිනමාපටයේ ආලියා භාට් ගංගුබායි ලෙස විශිෂ්ට රංගනයක නිරත වෙනවා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.