පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය නොවන පිරිසක් ඇතුළු වී ඇතැයි හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
“කථානායකතුමනි පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරු හා කාර්ය මණ්ඩලය නොවන කිහිපදෙනෙක් ඇවිත් වීඩියෝ කරනවා ටෙලිෆෝන් අරගෙන. අපේ දැන් කමිටු රැස්වීම තිබුණා ආණ්ඩු පක්ෂයේ ඒ ස්ථානයටත් පැමිණියා. ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කවුද ඒ පිරිස කියලා හොයලා බලන්න කටයුතු කරන්න. වහාම ඒ පිරිස පිළිබඳ සොයා බලා ඔවුන් ඉවත් කරන්න කටයුතු කරන්න. සමහරු බයෙන් ඉන්නවා එන්න කථානායකතුමනි.”
0 Comments