වර්ශ 2019 දී පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන හෝටල් දෙකකට ප්‍රහාර එල්ල කල ත්රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔවුන්ගේ එක් සහෝදරයෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ මහතා විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරුණා.
ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසයි නියම කෙරුනු අතර සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔවුනට අධිකරණය දන්වා සිටියා.
0 Comments