ශ්රී ලංකාව මේ වෙනකොට ඉන්නේ ඉතාමත් පහල ආර්ථික මට්ටමක.එදා වේල සොයා ගෙන ජීවත් වෙන බහුතරයක් ජනතාව පැදුරෙනුත් බිමට වැටිලා ඉවරයි.මේ සටහන අපිට හමු වුනේ චමල් අකලංකගේ මුහුනුපොත් පිටුවෙන්.අපි හිතුවා මේ සංවේදී සටහන ඔබත් කියවිය යුතුම සටහන්ක් බව.
ඉතින් මේ ඉඩ අපි එම සටහනට වෙන් කලා ,
“මල්ලි ගාණ නං වැඩියි. මීටරේ තියෙන්නෙ කලින් ගාණ. මීටරේ හදන තැනත් පෝලිම. රු. 200ක් දෙන්නත් ඕනෙ.වැඩක් නෑ මල්ලි කියලා. ඉවරයි ඔක්කොම.අද තෙල් ටික ඉවරවෙනකන් දිව්වට පස්සෙ තෙල් ගහන්නෑ. හාරසීයකට ගහන්න කෝ මල්ලි සල්ලි.
මෙච්චරයි අද දවසෙ. (කමිස සාක්කුවට අත දමා සීයේ කොල තුන හතරක් සහ විස්සෙ කොල කිහිපයක් ගෙන පෙන්වයි).වයිෆ් කිව්වා දරුවට පැම්පස් ගේන්න කියලා. ඒ 24 පැකට් එකක් 2100 ක් වෙලා. රෙදි කෑලි අන්දන්න බෑ. නිව් බෝන් කියන පොඩිම එක ඕනෙ.
අඩු බර ළමයෙක්.පැම්පස් 4 ක් වගේ තමයි අරන් යන්න වෙන්නෙ. මං ගාව තව තෙල් බෝතලයක් තියනවා පිටිපස්සෙ. ඒක හෙට තියාගන්න ඕනෙ බබාව නෝනාවට්ටු එක්කන් යන්න.මේ වීල් ඒක හදාගන්න තියනවා.
ඒකට දෙදාස් පන්සීයක් අතේ තියන් එන්න කිව්වා. බ්රේක් හදාගන්න දහයක්වත් යයි කිව්වා. හෝස් එකම දාන්න.හිඟාකන්න හිතිලා ඉන්නෙ මල්ලි ටික දවසක් බලලා.”
———–මට මතක් වුණේ චිචී බේබි “ගෙට් අ වයිෆ් ඇන්ඩ් මේක් චිල්ඩ්රන්..” කියපු කතාව. !

0 Comments