පෙම්යුවලක් සතියකට තමන්ගේ ෆෝන් මාරුකරගත්තොත් මොකක් වෙයිද?


0

2022 වසරේ නිකුත් වූ සුපිරිම දමිළ චිත්‍රපටයක් තමා Love today කියන්නේ.මෙහි විශේෂත්වය වන්නේ කෝටි 5ක පමණ පිරිවැයකින් නිපදවූ මෙය මේ වනවිට කෝටි 50 සීමාවත් පසු කර තිබීමයි.අද කාලයට ගැළපෙන කතා තේමාවක් ඇති මෙහි අඩංගු වෙන්නේ නූතන තාක්ෂණයත් එක්ක මිනීසුන්ගේ බැඳීම් සහ විශ්වාස කෙතරම් පළුදු වනවාද යන්නයි.

ප්‍රදීප් සහ නිකිතා තමා මෙහි ප්‍රදාන චරිත.ඉතින් මේ දෙන්නා ගොඩක් ආදරය කරන කපල් එකක්.දෙන්නට දෙන්නා ගොඩක් වීශ්වාස කරනවා වගේම දෙන්නම හිතන් ඉන්නේ එකිනෙකා ගැන හැමදෙයක්ම හොඳින් දන්නවා කියලා.නමුත් දවසක නිකිතාගේ තාත්තට මේ සම්බන්දේ අහුවෙලා ප්‍රදීප්ට එන්න කියනවා නිකිතගේ ගෙදර.ඊට පස්සේ තමා හොඳම සීන් එක වෙන්නේ.ටිකක් සැර පරුෂ මේ නිකිතගේ තාත්තා කියනවා දෙන්නට තමන්ගේ ෆෝන් මාරු කරගෙන සතියක් පාවිච්චි කරන්න කියලා. සතියකින් පස්සේ හැමදේම අවුලක් නැතිව තිබුනොත් ඔහු මේ සම්බන්දෙට කැමති වෙනවා කියලත් කියනවා.මේක අහපු ප්‍රදීප්ටයි නිකිතටයි තරු පේනවා.ඉතින් ඊට පස්සේ හරි අපූරු සිදුවීම් ගොඩක් වෙනවා.දෙන්නගේ පරණ රහස් ,කරපු බොරු ,චැට් කරපු දේවල් ඔක්කොම එකිනෙකා දැනගන්නවා.ඒ වගේම මේ චිත්‍රපටයේ අළුත් තාක්ෂනයෙන් අසහනකාරි මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට කරන බලපෑම්,එකිනෙකා විශ්වාස කිරීමේ වැදගත්කම,cyber bullying , අපි දෙමව්පියන් එක්ක බැඳීම වගේ ගොඩක් පැතිකඩවල් හරි ලස්සනට පෙන්වනවා.

කොමඩි ෆිල්ම් එකක් උනත් අවසානයේ ඇඟ හිරිවැටෙන සමාජ පණිවිඩයක් එක්ක මේ ෆිල්ම් එක ඉවර වෙනවා.මෙහි සම්පූර්‍රණ කීර්‍රතිය හිමිවිය යුත්තේ අධ්‍යක්ෂක වගේම ප්‍රධාන චරිතය කරන ප්‍රදීප් රංගනාතන්ටයි.කෙටි චිත්‍රපට නිර්‍රමානය කරමින් සිනමාවට පිවීසී ඔහු මීට පෙර ජයම් රවි සමඟ කල කොමාලි චිත්‍රපටයද අතිශය ජනප්‍රිය වුනා.ඔහුගේ පෙනුම සහ රංගනය තරමක් දනුශ්ටද සමාන වන අතර ඉදිරියේදී ප්‍රදීප් දමිල සිනමාවට නැතුවම බැරි චරිතයක් වනු නොඅනුමානයි.

Love Today locks its OTT platform | 123telugu.com
Love Today Movie Review: A TikTok-Era M.Rajesh Film With A Few Wild Laughs
Love Today' trailer: Pradeep Ranganathan-starrer promises a fun-filled  entertainer | Tamil Movie News - Times of India
Love Today is a very close-to-heart film: Pradeep Ranganathan- Cinema  express
Love Today' box office collection: Tamil comedy-drama strikes gold -  Oneindia News
Love Today is not a revengeful romance; it's a sweet dedication to my  ex-girlfriend: Pradeep Ranganathan | Tamil Movie News - Times of India
Love Today (2022) Showtimes, Tickets & Reviews | Popcorn Singapore

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.