පොඩි කාලේ ගොඩක් මම අඬලා තියනවා. මම සාමාන්‍ය පිරිමි ළමයෙකුට වඩා වෙනස්.


0

ලෝකප්‍රකට කෝටිපති ව්‍යාපාරික මුකේශ් අම්බානි ගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයේ සියලුම නර්තන අංගයන් අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ කළ අපේ ශ්‍රී ලාංකීය නර්තන කලාව වෙනස් මගකට යොමු කරමින් සිටින සොඳුරු නර්තන ශිල්පියෙක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. කුඩා කාලයේ තමන්ගේ දක්ෂතාවයට සහ ජීවිතයට නොයෙකුත් ආකාරයේ අපහාස නින්දා වන් ලැබුණත් ඒ සියලුම දේ දරාගෙන ජීවිතය ජයගත්ත මේ සොඳුරු නර්තන ආචාර්යවරයා තමයි අපි කොයි කවුරුත් දන්න කියන නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ මහත්මයා. ඔහු පිළිබඳව අද වෙද්දි නොදන්න කෙනෙක් නැහැ ඒ වගේම එතුමාගෙන් නර්තනය හැදෑරූ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉන්නවා. ඕනෑම සාර්ථක පුද්ගලයෙක් ජීවිතය සාර්ථකත්වයට පත් වුණාට පස්සේ තමන් පුංචි කාලේ අත්විඳපු ඒ අමිහිරි මතක සටහන් පිළිබඳව මොහොතක් හෝ මතක් කරන්න අමතක කරන්නේ නැහැ.

ඉතින් චන්දන වික්‍රමසිංහ මහත්මයත් මේ විදියට සාර්ථක වෙන්න ආපු ගමන් මග ඒ තරම් මිහිරි ගමන් මගජ් නෙවෙයි. ඔහුගේ ජීවිතයේ මෙතෙක් නොකී සහ මෙතෙක් නොඇසූ බොහෝ අමිහිරි සිදුවීම් තියෙනවා. ඒ පිළිබඳව එතුමා එක්තරා අවස්ථාවකදී පුවත්පතක් සමග අදහස් ඉදිරිපත් කර ගෙන තිබුණා. චන්දන වික්‍රමසිංහ මහත්මයාගේ ආදරණීය මව ලඝු ලේඛිකාවක් වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය නිවේදිකාවක් විදිහට කටයුතු කරපු කෙනෙක්.ඒ වගේම තාත්තා විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙක්. මේ පවුලේ වැඩිමහල් දරුවා වන චන්දන වික්‍රමසිංහ මහත්මයා පුංචි කාලේ ඉඳන්ම ඇගේ චලනයක් සහිතව ලස්සනට කවියක් ගීතයක් නැටුමක් නටන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු ජීවිතය නොයෙකුත් අමිහිරි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා. පුංචි කාලේ ඉඳන් පා සළඹක් පැළඳගෙන දෝතියක් ඇඳගෙන තමන්ගෙ දරුවා නර්තනයක යෙදෙනවා දැක්කොත් බොහෝ දෙමව්පියන් මේ පිළිබඳව දෙපාරක් බලනවා

ඒ වගේම තමයි තමන්ගේ පුතාගේ නර්තන හැඩතල නර්තන ශිල්පිනියක් සේ වෙනවාට කිසිදු කෙනෙක් කැමැති නැහැ. ඉතින් පුංචි කාලෙදි චන්දන වික්‍රමසිංහ මහත්මයත් ඒ විදිහට නර්තනයේ යෙදීච්ච කෙනෙක්. ඒ නිසාම පවුලේ බොහෝ දෙනෙක්ගේ නොරිස්සුම ට ඔහු හේතුවක් වුණා. ඒ අමිහිරි අතීතය පිළිබඳව චන්දන වික්‍රමසිංහ මහත්මයා මතකය අවදි කළේ මේ විදිහටයි.“මගේ කුඩා කාලෙ මතකය හරිම අමිහිරි. මගේ අම්මගේ පවුලේ සමහර ඥාතීන් මං දිහා බැලුවේ කුණු කාණුවකින් ඇහිදන් ආපු කෙනෙක් දිහා බලන විදියට. ගමනක් යද්දි ඒගොල්ලො එයාලගේ වාහනයකට මං නගිනවටත් කැමැති වුණේ නැහැ. මේ දේවල් එක්ක මගේ තාත්තා ටිකක් බය වුණා. ඒ වෙද්දි මට දැනෙන්න පටන් ගත්තා මම සාමාන්‍ය පිරිමි ළමයෙකුට වඩා වෙනස් බව. කොහොමහරි මගේ ලොකු මාමා ඒ වගේම ලොකු අම්මා ඇතුළු පවුලේ ඥාතීන් මට උදව් කළා. සමහර කලකිරීම් මගහැර ගන්න මට ඒ පිළිගැනීම ආදරය හේතුවක් වුණා

තමන්ගෙ පිරිමි දරුවා මේ විදිහට නර්තන ශිල්පිනියක් ආකාරයෙන් නර්තනයෙන් හැඩවැඩ වෙද්දි ඒ පිළිබඳව ඕනෙම කෙනෙක් දෙපාරක් හිතනවා නමුත් චන්දන වික්‍රමසිංහ මහත්මයාගේ ආදරණිය මෑනියන් සහ පියා නන් අවුරුදු පහක් සම්පූර්ණ වූ තමන්ගේ පුංචි පුතා ප්‍රවීණ නර්තනාචාර්ය වරයෙක් යටතට බාර කරනවා. දක්ෂතාවය හැකියාව යටපත් කරනවා වෙනුවට ඔවුන් කළේ ඔහුට ඒ දක්ෂතාවය තුළින් ඉදිරියට එන්න අත්වැලක් දීපු එක. ඉන් අනතුරුව ඔහුට හැකියාව ලැබෙනවා ප්‍රවීණ නර්තනාචාර්ය වරයෙකු වූ කුලසිරි බුදවත්ත මහත්මයා ළඟ නර්තනය හදාරන්න. එහිදී විශේෂයෙන් ම කිව යුතු කරුණ තමයි බුදවත්ත ගුරු පියාණන්ගේ පළමු වෙස් බැඳි නර්තන ශිල්පියා බවට පත් වෙන්නෙත් චන්දන වික්‍රමසිංහ නැමැති මේ සොඳුරු චරිතයයි. “පුංචි කාලේ නැට්ටුවෙක් වෙන එක මගේ හැකියාව නිසාම මට සතුටක් වුණා. ඒත් ඒ නිසාම කුඩා දරුවෙකුට දරාගත නොහැකි මානසික පීඩාවන්ට මුහුණ දෙන්න මට සිද්ධ වුණා.

ගෙජ්ජි සිලම්බු කකුලට දාන නිසා තාලය කකුල් වල තිබ්බ නිසා මම පවුලෙන් ගොඩක් කොන් වුණා. පාසල නුත් මට ප්‍රශ්න ආවා නැටුම් නටන කොල්ලෙක් විදියට මගේ දිහා බැලුවේ අප්‍රසාදයෙන්” ඒ විදිහට පුංචි කාලේ නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීපු ඔහු හඬා වැටුණු වාර අනන්තයි. නමුත් අද වන විට ආදරණීය බිරිඳක් සමග යුග ජීවිතයක් ගතකරන එතුමාට සුන්දර දියණියක් සහ සෙනෙහේබර පුතුන් දෙදෙනකුගේ පියෙක් වෙන්නටත් වාසනාව ලැබුනා. ඒ සියලුම දේවල් ජීවිතයේ වාසනාව සහ අවාසනාව කියන දේවල් මත පදනම් වෙන සිදුවීම්. නමුත් ඉරණමට ජීවිතය බාර නොකරපු චන්දන වික්‍රමසිංහ මහත්මයා අද වෙද්දි ජීවිතය ජයගෙන අවසන්. ඉතින් තවත් බොහෝ චිරාත් කාලයක් සතුටින් ම ආදරණීය නර්තනාචාර්ය වරයෙක් විදියට ජීවත් වෙන්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මු.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.