බය නැතුව මහ බැංකුවට ආව නන්දලාල් කවුද ?


0

නන්දලාල් වීරසිංහ මහතා යනු ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල නෙලාගත් විද්වතෙකි.එතුමාගේ ජීවිතය දෙස හැරී බැලූ කල් ඔබටත් යමක් ඔබේ ජීවිතයට එක්කර ගැනීමට හැකි බව අපිට සිතුනි.
බොහෝ දෙනා අධ්‍යාපනය දෙකේ කොළයට දමන අවධියකය නන්දලාල් මහතාගේ ජීවිත කතාව ඒ සැමටම ආදර්ශයක් වනු නොඅනුමානය.

ආචාර්ය පී නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ 2011 සැප්තැම්බර් මස 27 වැනිදා ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීමක් හිමිවූ අතර එම ධුරයේ රාජකාරී අරඹනු ලැබුවේ 2012 සැප්තැම්බර් මස 01 දා ය.

ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමණාකරන කමිටුවේ සහාපතීත්වය දැරූ අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළේය.

ආචාර්ය වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික පත්‍රිකා ඇතුළු ව, දේශීය සහ විදේශීය සඟරාවන්හි පර්යේෂණ ලිපි ගණනාවක් පළ කර ඇත.

2021 ජනවාරි මාසයේ දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම ලත් ආචාර්ය වීරසිංහ මහතා, බහුපාර්ශ්වික නියෝජිත ආයතන සහ ගෝලීය ආයෝජන ව්‍යාපාර සඳහා ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධ ව ස්වාධීන උපදේශකවරයකු ලෙස කටයුතු කළේ ය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.