බැට්ගර්ල් චිත්රපටය කැන්සල් කරන්න ගත්ත තීරණය වෙනස් නොකරන මට්ටමටම Warner Bros. Discovery ලා චිත්රපටය ප්රතික්ෂේප කරලා තියෙනවා. මේ තීරණය ගන්න හේතුව මොකද්ද?ඇත්තටම ෆිල්ම් එක නිකරුනේ කැන්සල් කරල නැහැ. මේ ඩිසිශන් එක මෙයාලා අරගත්තේ ජූලි 14 ඉඳන් කරපු ටෙස්ට් ස්ක්රීනින් එකේ රියැක්ශන් සැලකිල්ලට අරගෙනයි.
මේ ටෙස්ට් ස්ක්රීනින්වලින් ලැබුණු රියැක්ශන් අතිශය සෘණාතමක ඒවා වෙනවා.එක රියැක්ශන් එකක් සම්පූර්ණ චිත්රපටයම “රූපවාහිනී කතා මාලාවක දකින්න ලැබෙන ගුණාත්මක බවින් අඩු/ නරක එපිසෝඩ් එකකට (a bad episode of TV)” සමාන කරලා තියෙනවා.
තව ප්රේක්ෂකයින් අදහස් දක්වන විදිහට චිත්රපටය සිනමා තිරයට සුදුසු එකක් විදිහට හඳුන්වන්න බැහැලු.කොහොම වුනත් මේ තරම් නෙගටිව් රියැක්ශන් මීට කලින් මෑත කාලයේ සිදුවුනු වෙන කිසිම DCEU ටෙස්ට් ස්ක්රීනින් එකකට ලැබිලා නැති බවත් මතක් කරන්න ඕනේ.
ඔයාලට මතක ඇති The Flash වෙනුවෙන් කරපු ටෙස්ට් ස්ක්රීනින්වලදිත් ඒ චිත්රපටයට සෑහෙන හොඳ ප්රතිචාර ලැබුණා.ඉතිං මෙච්චර නරක ප්රතිචාර ලැබුණු චිත්රපටයකට තවත් වියදම් දරලා රීශූට් කරන්න WBD ලා අකමැත්ත ප්රකාශ කරලා තියෙනවා.කොහොම වුණත් මේ ප්රොජෙක්ට් එක කැන්සල් කරන්න Leslie Grace හේතුවක් වුණා කියන comments ස්ටුඩියෝ එකෙන් ප්රතික්ෂේප කරනවා.
ඔවුන්ට අනුව ලෙස්ලී ඉතාම දක්ෂ රංගන ශිලිපිනියක් බවත්, මේ තීරණය ඇය නිසා ගත්ත එකක් නොවෙන බවයි සඳහන් කරන්නේ.So, it’s gone. මේ හැම තොරතුරකින්ම තහවුරු කරන්නේ Batgirl චිත්රපටය ප්රේක්ෂකයින් අතරට එන්නෙ නැහැ කියන එකයි. ඉතිං Adil සහ Bilal දෙන්නගේ Batgirl වර්ශන් එක අපිට කවදාවත්ම නරඹන්න වෙන එකක් නම් නැහැ.

0 Comments