බැලුවොත් depress වෙන හින්දි සිනමාවට ආ ලොමුදැහැ ගැන්වෙන සත්‍ය සිද්ධිය


0

කාශ්මීරි පණ්ඩිතයන් (කාශ්මීරි බ්‍රාහ්මණයන් ලෙසද හැඳින්වේ) යනු කාශ්මීර හින්දු සමූහයක් වන අතර ඉන්දියාවේ විශාල සාරස්වත් බ්‍රාහ්මණ ප්‍රජාවේ කොටසකි. ඔවුන් අයත් වන්නේ ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ යූනියන් ප්‍රදේශය තුළ පිහිටි කඳුකර ප්‍රදේශයක් වන කාශ්මීර නිම්නයේ සිට පංච ගෞඩ බ්‍රාහ්මණ කණ්ඩායමට ය.

මුස්ලිම් බලපෑම කලාපයට ඇතුළු වීමට පෙර කාශ්මීර පණ්ඩිතයන් මුලින් ජීවත් වූයේ කාශ්මීර නිම්නයේ වන අතර ඉන් පසුව විශාල පිරිසක් ඉස්ලාම් ආගමට හැරුණි. මිටියාවතේ ඉස්ලාමීය සටන්කාමීත්වය වර්ධනය වීම නිසා 1990 ගණන්වල කුඩා සංඛ්‍යාවක් ඉතිරි වන අතර, ඔවුන් කාශ්මීරයට ආවේණික වූ එකම හින්දු ප්‍රජාව වේ

1990 ජනවාරි 19 වැනි දින සීතල අඳුරු රාත්‍රිය අදටත් නිම්නයේ ජීවත් වූ කාශ්මීර පණ්ඩිතයන්ගේ බියකරුම මතකයයි.ඒ එදින ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකල මහා ජන සංහාරයයි.පණ්ඩිත්වරුන් කාශ්මීරයෙන් පලවා හැරීමට මූලිකත්වය ගෙන කටයුතු කල මුස්ලිම් අන්තවාදියා වන ටික්කා ලාල් ටප්ලූ වෙඩි පහරකින් ඝාතනය වීමත් සමඟ, කෝප වු මුස්ලිම් අන්තවාදීන් පන්ඩිත්වරුන් එකා පිට එක ඝාතනය කළ අතර ,මුළු කාශ්මීර නිම්නයම ලෙයින් ,මරහඬවලින් දෝංකාර දෙන්නට විය.

දීර්ඝ කාලයක සිට තර්ජන එල්ල වෙමින් පැවති නමුත් ජනවාරි 19 වැනිදා රාත්‍රියේදී ඊට වඩා වෙනස් තරාතිරමක මානසික ප්‍රහාරයක් එල්ල වූ බව පැවසේ. වසර 26 කට පසුව පවා, කාශ්මීර පණ්ඩිතයන් තමන්ව පිටුවහල් කිරීමට බල කළ රාත්‍රිය සිහිපත් කරමින් වෙව්ලනවා.

මෙම සත්‍ය සිද්ධිය පාදක කරගනිමින් නිමවූ නවතම හින්දි චිත්‍රපටය වන “කශ්මීරි ෆයිල්ස්” මේ වනවිට අතිසාර්තකව තිරගත වන අතර මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.එයට හේතුව මෙහි ඇති අති බිහිසුණු දර්ශන ප්‍රේකශකයාට කශ්මිරි නිම්නයේ එදා තිබූ බියකරු හැඟීම ඒ අයුරින්ම රැගෙනවිත් තිබෙන බැවිනි.සිනමාහලෙන් පිටතට පැමිණි බොහෝ ප්‍රේක්ශකයින් කම්පනයට පත්ව ඇති අතර මෙහි ඇති කෲරත්වය නිසාම සමහරුන් චිත්‍රපටයේ අවසාන භාගයේ තමන්ගේ දෑස් වසාගෙන බිම් බලාගෙන සිටින අයුරුද දැක ගැනීමට හැකිවී ඇත.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.