ජනප්රිය ගායන ශිල්පි දිනේෂ් තරංග සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා… ඒ ඔහුගේ ආදරණීය බිරිඳගේ අසනීප තත්වයක් සම්බන්ධව…. පහතින් දැක්වෙන්නේ එලෙස ඔහු තබන ලද සටහනයි.
“ඔයාල වැඩි දෙනෙක් ගොඩක් ආදරේ කරන මගේ නෝනට 31 වෙනිදා රෑ ඩෙංගු පොසිටිව් උනා. දැනට බෙහෙත් ටික සහ අදාළ පරීක්ෂණ කරගෙන ආදරණීයයන් බොහෝ දෙනෙකුගේ උදව්වද එක්ක, මම එයාව ගෙදර තියාගෙන බලාගන්නවා. ඉතිං අපි දෙන්නා මොන තත්වෙක හිටියත්
අවංකවම ඔයාල හැමෝටම ලැබුවාවූ මේ 2023 අවුරුද්ද සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි පතනවා! තමුන්ගේ වටපිටාවේ පිරිසිදුකම ගැන සහ යන එන තැන් වල තත්වය වගේම තමුන්ගේ ශරීර සනීපය ගැනත් සැලකිලිමත් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
මේ දවස් කිහිපයේ ඔයාල එක්ක සම්බන්ධ වෙන්න බැරි උනාටත් සමාව ඉල්ලනවා…. ආදරෙයි “

0 Comments