
ඇන්තනි පවුලේ සාමාජිකයන් ගැන කලාවට ආදරේ කරන කොයි කවුරුත් දන්නවා. ඉතින් මේ කලා ලෝකයේ කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා තරු කිහිපයක් කිහිපයක්ම ඇන්තනී පවුලේ සාමාජිකයින්. ජැක්සන් ඇන්තනී ප්රමුඛ සජිත් අකිල සහ මාධවී කියන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය තිදෙනෙක්. වේදිකාව ටෙලි තිරය සහ සිනමාව කියන මේ අංශ ත්‍රිත්වය වගේම නිවේදනයත් හරි අපූරුවට ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන මේ තිදෙනා සකල කලාවට ම ඉතා දක්ෂ අයයි.
කලා ලෝකයේ මහා රංගධරයා වන ජැක්සන් ඇන්තනී මහතා හදිසියේම අනතුරකට පත්වෙලා රෝහල් ගත වීමත් එක්ක ඇන්තනී පවුල ටිකක් නිහඬ වෙනවා. ක්ෂේත්රයේ අය වගේම ඇන්තනී පවුලට ආදරේ කරන ගොඩක් දෙනා ජැක්සන් ඇන්තනීට සුවය පතා බෝධි පූජා ද පැවැත්වූවා.

ඇන්තනී පවුලේ පොඩි පුතා වන සජිත කියන්නේ ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකරන ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ රංගනයෙන් දායක වුණු නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යට ප්‍රේක්ෂකයා ගොඩක් ආදරය කරනවා. සරා විදිහට ප්‍රේක්ෂක ආලින්දයට ආව සජිත චරිතාංග රංගන ශිල්පියෙක් විදියට සිනමා නිර්මාණ හරහා ද දැකගන්න පුළුවන්.
මේ වන විට විවාහ වෙලා ඉන්න ඔහුගේ ආදරණීය බිරිඳ අපි කවුරුත් දන්න බුවී. ඉතින් ආදරණීය පුංචි පුතෙකුගේ පියෙක් වන සජිත මේ වන විට වගකීම් සහගතව හරි ලස්සනට ජීවිතේ විඳිමින් සිටිනවා. ඉතින් අප්පච්චිගේ අනතුරත් එක්ක සංවේදී වුණු සජිත ඔහුගේ ආඩම්බරය අප්පච්චි ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මට ලොකු ආඩම්බරයක් ඇන්තනී පවුලේ සාමාජිකයෙක් වීම ගැන. මගේ අප්පච්චි කියන්නේ මිනිසුන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක්. අප්පච්චි අසනීප වුණාම සමහරක් අය එක එක දේවල් කිව්වා. නමුත් ඒ අතරින් බහුතරය අප්පච්චිට ආදරය කරන මිනිස්සු. ඒ නිසා අර එක එක දේවල් කිව්වේ මිනිස්සු ගැන අපි වැඩිය හිතුවේ නෑ.’’

ඉතින් මෙන්න මේ විදියටයි පුංචි තිරයේ විවිධ චරිත මවන ඇන්තනී පවුලේ බාල පුතා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ පියාණන්ට ඉක්මනින්ම සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරන ගමන්ම සජිත ඇතුළු ආදරණීය කැදැල්ලේ සතුට තව තවත් වැඩි වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක්කරන්නෙමු.
0 Comments