මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි, එයා වගේම බබෙක් මට ඕන කිවුවා – දෙවන වරටත් විවාහ වුන මේනකා


0

රංගන ශිල්පිනියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වගේම දක්ෂක නර්ථන ශිල්පිනියක් විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි මේනකා පීරිස් කියන්නේ, කාලයක් පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් වුන ඇය පහුගිය කලයේනම් කළා ලෝකය හරහා වැඩිය පෙන්න හිටියේ නෑ, ඉතින් කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටපු ජනප්‍රිය නිලි මේනකා සමගයි අද අපේ කතාබහ,

මේනකා මොකද කලාවෙන් ඈත්වෙලා ඉන්නේ?

”මේකයි පහුගිය කාලයේ මම ජීවිතේ නොයෙකුත් සිදුවීම් වලට මුහුණ දුන්නා, ඉතින් මම තීරණය කළා දිග විවේකයක් ගන්න, මොකද මට ඕන වුනා කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා ඉන්න, ඒ වගේම මම දැන් විවාහකයි ඒ වගේම මට බබෙක් ඉන්නවා ඉතින් දැන් මම මගේ ජීවිතේ මුල් තැන දීලා තියෙන්නේ මගේ පවුලට, මොකද පවුල තමයි ලෝකේ තියෙන ආදරණීයම බැඳීම,

මේනකා කියන්නේ කළා ලෝකයේ තරහකාරයෝ එහෙම ඇති නේද..?

”අනේ මට එහෙම තරහා කාරයෝ නෑ, හැබැයි ඉන්නවද දන්නේ නෑ, එහෙම අය හිටියත් මම ඒක ගණන් ගන්නේ නෑ, මම ඒවා ගැන හිතන්නේ නෑ, මම කිසිම කෙනෙක් එක්ක රණ්ඩු වෙන කෙනෙක් නෙවෙයි ඒ වගේම කවුරු මාත් එක්ක තරහා වෙලා හිටියත් මම ඒ අයත් එක්කත් හිනාවෙලා කතා කරනවා, ඒ මගේ හැටි,”

රංගන ශිල්පිනියක් වුනත් මේනකාට කළා ක්‍ෂේත්‍රයේ වැඩිය යාළුවො නෑ නේද..?

”සාමාන්‍යයෙන් කළාකරුවන් හරිම සංවේදී අය, ඉතින් ඒ අය එක්ක වැඩ කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන, මොකද පුංචිම පුංචි දේකින් වුනත් ඒ අයගේ හිත රිදෙන්න පුළුවන්, මම සාමාන්‍යයෙන් ක්‍ෂේත්‍රයේ යාළුකම් දීර්ඝ කාලීනව පවත්වන්නේ නෑ, අදටත් මගේ හොඳම යාළුවො තමයි පාසල් කාලයේ මගේ යාළුවො, මොකද මොනවා වුනත් එයාලා මාව වැරදියට තේරුම් ගන්නේ නෑ, මට ඕන කළා ක්‍ෂේත්‍රයේ අය එක්ක හොඳින් ඉන්න, ඉතින් මම ලිමිට් තියාගෙන තමයි වැඩ කරන්නේ, මම ගොඩක්ම කැමති තනියම ඉන්න”

මේනකා කියන්නේ මේ වනවිට මවක් ඉතින් ඇය ඇයගේ පුංචි පුතා තුරුලට ආව විදිය ගැන කියන්නේ මේ වගේ කතාවක්

”මගේ පුතා සීයට සියයක්ම හස්බන්ඩ් වගේ, එයා කරන කියන දේවල් පවා හස්බන්ඩ් වගේමයි, පුතා හම්බවෙන්න ඉන්න කාලේ මගේ හස්බන්ගේ අම්මා, ඒ කියන්නේ මගේ නැන්දම්මා මට ෆොටෝ වගයක් පෙන්නුවා, ඒ ෆොටෝ වලට මම ගොඩක් ආසයි, මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි, ඉතින් මම එදාම කිව්වා අනේ මටත් හස්බන්ඩ් වගේම පුතෙක් ඕන කියලා, මගේ නැන්දම්මත් කිවුවා ඒ වෙලාවේ හස්බන්ඩ් ගේ නැන්දා කෙනෙකුත් කිවුවා ඔයාට මේ වගේම පුතෙක් තමයි ලැබෙන්නේ ඔන්න බලන්නකෝ කියලා, මම බබා ලැබෙන්න ඉන්න කාලේ ඒ පින්තූරේ බිත්තියේ පවා ගහගෙන හිටියා, මොකද එතකොට බබා ලැබෙනකන් මම දකින්නේ හස්බන්ඩ් ගේ පුංචි කාලය නේ, ඉතින් මම ප්‍රාර්ථනා කරපු විදියට එයා වගේම බබෙක් ලැබුනා”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.