යුරේනි නොෂිකා කියන්නෙ සරාගී විලාසිතා නිසාම කාගෙත් අවධානය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. බුකියේ නිරන්තරයෙන් කතාබහට ලක්වන යුරේනි ගැන මේ දවස්වල හැමෝම කතා කරන්නෙ ‘නයිට් රයිඩර්’ නිසා. ඒ තමයි යුරේනිගේ අලුත්ම ෆිල්ම් එක. මේ අලුත් ෆිලුමේ රසමුසු තැන් ඇය මෙන්න මේ විදිහට යූටියුබ් නාලිකාවක් එක්ක කියා තිබුණා.
කොල්ලෙක් සෙට් වෙන් නැල්ලූ ? තාම නැද්ද?
නැහැ.. දැන් නම් මම ස්ව කැමැත්තෙන් තනියෙන් ඉන්නේ. මම හිතුවා මේ යන රැල්ලත් එක්ක රට… මෙහෙමම අවුරුදු ගාණක් අදිනවා කියලා. රසික ආදරයක් තුළ නම් ආදරේ ලැබිලා නෑ. නමුත්… පහුගිය අවුරුද්දේ කොරෝනා වලින් එළියට එනකොට හිතුණා තනියෙන් හිටියා ඇති කියලා. නමුත් මේ මාර්තු වලින් පස්සෙ ඒක ආයෙම වෙනස් කරගත්තා. මම දැන් තනියම ඉන්න තීරණය කරලා ඉවරයි..
යුරේනිගේ නිෂ්පාදනයක්?
ඒක කෙටි චිත්රපටියක්. බලමු ඉස්සරහාට කියන්නම්.
නයිට් රයිඩර් ගැන?
ප්රේක්ෂකයින් සිනමා හල්වලට අද්දවා ගැනීමේ අභියෝගයක් තියෙනවා. දේශීය සිනමා පටවලට යොමු වෙන ප්රමාණය සීමිතයි. මිනිස්සුන්ට ප්රශ්න තියෙන, මිනිස්සුන්ට ගෑස්, පෙට්රල් නැති කාලෙක කොහොම මිනිස්සු සතුට ගැන හිතන්නේ. මෙන්න මේ වගේ කාලෙක තමා මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ. කොහොම වුණත් මොන ප්රශ්නෙ ආවත් අපි ජීවිතේ ඉදිරියට යා යුතුයි.
යුරේනි කොහොමද ශානිව දකින්නේ?
ඇගේ කාර්යබාර්ය… අපි සමහර වෙලාවට අපේ හැඟීම්වලට ඉඩ දෙනවට වඩා අපේ කාර්යභාරය උතුම් කියලා සළකන කොටසකුත් මේ ලෝකේ ඉන්නවා. ශානි කියන්නෙත් හැඟීම්වලට වඩා ඒ ගැන හිතන කෙනෙක්. එච්චරයි මං කියන්නේ..
ස්ක්රිප්ට් එක කියවද්දි හිතුණේ..?
මම කන්සෙප්ට් එකට කැමති වුණා. මට හිතුණා මේක වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි කියලා. ඒ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ මැද ෆිල්ම් එක කළා.



0 Comments