පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට මේ දිනවල අතිශය ජනප්‍රිය වෙලා ඉන්න සුරුපී රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ඉතාම ජනප්‍රිය ටෙලි ටෙලිනාට්‍යයක් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙනවා. ඒ කෝලම්කුට්ටම ටෙලි නාට්‍යය.

කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් සුද්දි විදිහට ප්‍රේක්ෂක අපි අතරට එන කාවින්ද්‍යා මේ ටෙලි නාට්‍ය හරහා ඔරු පදින්නත්, රූකඩ නටවන්නත් හරි දක්ෂ බව අපි දකිනවා. විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත කාවින්ද්‍යා ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන රංගන පියවර ටෙලිනාට්‍යයේත් ඉතා දක්ෂ විදිහට රංගනයෙන් දායක වෙනවා අපි දකිනවා.
මෑතකදී කාවින්ද්‍යා ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතා කරන්නට වුණා. ඒ ඇගේ කියලා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුන නිසා. ඉතින් මේ පිළිබඳව ඉතා කණගාටුවෙන් හිටපු කාවින්ද්‍යා ගැන දැන් හැමෝම කතාවෙන්නෙ ඇය සමාජ මාධ්‍යයට එකතු කරන ඇගේ පෙම්වතාගේ ඡායාරූප ගැනයි. ඉතින් ඇය එක්තරා මාධ්‍ය හමුවකදී ඇගේ පෙම්වතා ගැන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ විදිහටයි සඳහන් කරලා තිබුණේ.

” මම දැන් ආදරවන්තියක්. මම හිතන්නේ මගේ ජීවිතේට හොඳම කෙනා ලැබුණා කියලා. ඉතින් මම උපරිමයෙන් ආදරේ කරනවා. ඔහුගෙන් මට මගේ කලා ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක් එයා. එයාගෙන් මට මගේ ජීවිතේට කිසිම බාධාවක් නැහැ.”




0 Comments