මම දෙවියන්ට කෝටිවතාවක් පින් දෙනවා, මගේ දරුවා බේරලා දුන්නට – උපේක්ෂා ස්වර්ණමාලි


0

ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මානයකට රැගෙන ගිය ටෙලිනාට්‍යක් තමයි පබා කියන්නේ, ඉතින් මේ පබා ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ, අද වනවිට ජීවිතේ දිග ගමනක් ඇවිත් තියෙන උපේක්ෂා ස්වර්ණමාලි සමගයි අද අපේ කතාබහ,

උපේක්ෂා කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

”මගේ දුව එක්ක තමයි දවසේ වැඩි කාලයක් ගතවෙන්නේ, ඒ වගේම ජීවිතේ ගොඩක් සරල සුන්දර විදියට ගලාගෙන යනවා, වෙන විශේෂ දෙයක් නෑ”

උපේක්ෂා කියන්නේ කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැබැයි උපේක්ෂා ඔයාට කලාව තරම් දේශපාලනය හරිගියේ නෑ නේද..?

”ඇත්තටම ඔව්, මට ඒ දේ වුනේ දේශපාලන දැනුමක් මට තිබ්බේ නැති නිසා, දෙරණ නාලිකාවෙන් විකාශනය වුන 360 වැඩසටහනින් මිනිස්සු ඒක දැනගත්තා මෙහෙමනේ ජීවිතේ අපේ ජීවිතේ දෙපැත්තක් තියෙනවා, ඒකට හොඳම උදාහරණය තමයි ඒ වැඩ සටහන, ඒ වැඩසටහන නිසා මට ලොකු හානියක් වුනා, ඒ වගේම මට ලොකු හොඳකුත් වුනා, දැන් ඒ හැම දෙයක්ම ඉවරයි”

ඔබගේ සහෝදර කළා කරුවන් දැන් දේශපාලනය සමග සම්බන්ද වෙලා දේශපාලන වේදිකාවෙන් දකින්න ලැබෙනවා, ඉතින් ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ?

”මෙහෙමයි කලාකරුවෙක් වීම දේශපාලනයට සම්බන්ද වීම නුසුදුසු දෙයක් කියලා මම හිතන්නේ නෑ, මොකද පරම් පරාවෙන් දේශපාලනය කරන අය අපි ඕන තරම් දැකලා තියෙනවා, දේශපාලනයට පැහැදිලි වෙනසක් අවශ්‍යයි, කලාව කියන්නේ දේශපාලනයට එන්න බාදාවක් නෙවෙයි,”

උපේක්ෂා කියන්නේ වේදනාබර කාලවල් බොහොමයක් පසුකරගෙන ආව කෙනෙක්, ඉතින් ඇය ඇයගේ ජීවිත අත්දැකීම් ගැන කියන්නේ මේ වගේ කතාවක් ”දරුවෝ දහදෙනෙක් ඉපදෙනකොට නවයකටම සෞක්‍ය ගැටළු තියෙනවලු, මම දෙවියන්ට කොටිවාරයක් පින් දෙනවා මගේ දරුවා අර දහ දෙනාගෙන් බේරෙන කෙනා වුනාට, මම හරිම සරල ජීවත් වෙන කෙනෙක්, මට වැදගත් වෙන්නේ හිතේ සැනසීම, සර්ව ජීවත් වෙන සොබාදහමට අවංක වෙන තරමට ජීවිතේ ප්‍රශ්න එන්නේ නෑ,

අද වෙද්දී මම මගේ සැමියාගෙන් වෙන්වෙලා ඉන්නේ, හැබැයි මගේ අත්දැකීම අනුව මම කියන්නේ අම්මා තාත්තා සියයට පනහ පනහ දරුවා හදද්දී ඒක දායක වෙන්න ඕන, ඒකත් සොබාදහමේ කොටසක් විදියටයි මම දකින්නේ, මේක මිනිස්සු වින්දනය විතරක් මුල් කරගෙන ඉන්න සාමාජයක්, දරුවෝ ඉපදුනාට පස්සේ දෙමාපියන් වෙන් වුනාම ඒ පවුල් සියයට හැත්තෑ පහක්ම නඩත්තු කරන්නේ අම්මලා, මම කියන්නේ එහෙම වෙන්න ඕන නෑ කියලයි”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.