එදා ‘සුළගක් වී මං යනවා’ ගීතය හරහා ප්‍රේක්ෂක ආදරේ ලබාගත්ත ළමා ගායිකාව තමයි නතාෂා පෙරේරා කියන්නේ. අද වන විට ඇය මෙම ගීතය ගායනා කරලා වසර 20 කුත් ගතවෙලා. තවමත් ප්‍රේක්ෂක හදවතේ ඇගේ ඒ මියුරු හඬ රැව් පිළි රැව් දෙනවා.

ඒ විදිහට ඇය ගායිකාවක්ම පමණක් නෙමෙයි, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් නීතිඥවරියක් විදියට වැඩ කටයුතු කරන නතාෂා ඉපදෙන්නේ ඉතාලියේ. ඉතින් මේ වන විට ගොඩක් දෙනෙක් දන්නවා ඇගේ දුක්බර අතීත කතාව. ඒ කියන්නේ ඇය ඉපදෙනවත් එක්කම ඇගේ අම්මයි තාත්තයි වෙන් වෙනවා. ඊට පස්සේ නතාෂාව හදාවඩා ගන්නේ ඇගේ තාත්තාගේ අම්මා විසින්.
ඉතාලියේ හිටපු නතාෂා කියන ඒ පුංචි දරුවා ලංකාවට එක්කගෙන ඇවිත් ඇගේ ආච්චි අම්මා තමයි ඇයව උස් මහත් කරන්නේ. ආච්චි අම්මට තමයි නතාෂා අම්මි කිව්වේ. ඉතින් ඇගේ හෙවනැල්ල වගේ ඇයව බලා ගත්ත ආච්චි අම්මා මේ වෙනකොට නම් මෙලොව හැර ගිහින්. නමුත් ඇය ආරක්ෂාව ලබා දුන් විදිය ගැන නතාෂා එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක දී කියල තිබුනෙ මේ විදියටයි.

” ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ ස්කූල් වෑන් එකේ. මම එනකොට ආච්චි පිගානට බත් බෙදල බත් බෝල කරලා තියලා තියෙනවා. ඉතින් මම ඇවිත් වොෂ් එකක් දාගෙන ඒක කාලා ඉක්මනට ලෑස්ති වෙන්නෙ තව මොනවහරි කලා කටයුතු වැඩකට යන්නයි. පොඩි කාලේ ඉඳලම කලා කටයුතු එක්ක තමයි මම හිටියේ. මගේ වයසේ අනිත් ළමයි සෙල්ලම් කරන කොට මම වැඩ කලා. දුකක් තිබුනෙ නෑ මගෙ හිතේ. මම කසාද බැන්දේ වයස විසි හතරේදී. ඒ වෙනකම් මම දැනගෙන හිටියෙ නෑ පිගානකට බත් බෙදන ප්‍රමාණයවත්. ඒ හැමදේම කළේ මගේ ආච්චි අම්මා.”

0 Comments