මහ බැංකු අධිපතියා කියනවා අපි බඩගින්නේ මළත් 18 මේ ණය ගෙවනවලු – සුනිල් හදුන්නෙත්ති


0

ජනවාරි 18 වැනිදා ගෙවීමට නියමිත ණය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයන් පවා පවසන්නේ මෙම ණය මුදල ගෙවීම කල් ඉල්ලා සිටිය යුතු බවයි. නමුත් මහ බැංකු අධිපතිවරයා තරයේ කියා සිටින්නේ මෙම දිනට අදාල සංචිත ගෙවන බවයි.

මේ සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මෙලෙස අදහස් දක්වා තිබුණා.

මාර අර්බුදයක් තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නෑ.. ඒ නිසා තෙල් ටැංකි ටික විකුණනවා.
අර්බුදය හැදුවෙත් මේ ගොල්ලෝ.. මේක උගුලක්.. ඊළඟ භයානකම දේ කෘතිමව මේකෙනුත් ජාවාරමක් ගහන්න පුළුවන්.
දැන් බැදුම්කර නිකුත් කරලා තියෙනවා අපි 2013. ඒක කල් පිරෙනවා 2022 ජනවාරි 18. එතකොට සීයක් නිකුත් කරලා තියෙනවානම් හම්බෙලා තියෙන්නේ අපිට සියයට 92.
අපේ මහ බැංකුවේ අධිපතියා කබ්රාල් ඇවිල්ලා කලින්ම කියනවා ජනවාරි 18 අපි බඩගින්නේ මළත් මේක ගෙවනවා කියලා.කල් පිරෙනකොට ගෙවන කෙනයි දැන් අතේ තියන් ඉන්න කෙනෙයි සෙට් වුණොත් මොකක්ද වෙන්නේ.
එක බැදුම්කරයකින් ඩොලර් 50 ගානේ ලාබයි.. අන්න බිස්නස්.. මම කැට තියලා කියනවා ජනවාරි 18 ඔච්චර තදියමේ ගෙවන්න හදන්නේ රට ණය උගුලෙන් ගලවගන්න නෙවෙයි..මේවා මිලදී අරන් තියෙනවා ලංකාවෙම කට්ටිය.අන්න ඒ අඹ යාළුවෝ මේවා බෙදාගන්නවා..


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.