මාව සප්‍රයිස් කරන්න ආපු විනූ වෙන ගෙදරකට ගිහින්


0

රෂීගේ උපන්දිනය දෙසැම්බර් 27 නේ. ඉතින් මේ දවස ගැන අම්මා, තාත්තා මොනවා ද කියලා තියෙන්නේ?

“මගේ උපත 1994.12.27 තමයි සිද්ධ වෙන්නේ. ඒ, පළමු දරුවා විදිහට. මට ඉන්නේ මල්ලි කෙනෙක්. මම ඉපදුනාම අම්මාට, තාත්තාට ගොඩාක්ම සතුටු හිතුණා කියලා තමයි කියලා තියෙන්නේ නම්. ඉතින් මගේ ලස්සනට ඩිම්පල් එකක් තිබිලා තියෙන නිසා හැමෝම කියලා තියෙනවා ‘ලකී බේබි’ කියලා. ඒක තමයි උපත ගැන දන්නේ.” 

ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා උපන්දිනයක් ලබද්දී ඒ වයසට යාම පිළිබඳ මොකද හිතෙන්නේ?

“ඇත්තටම කාලය ගතවෙලා යනවා දැනෙන්නේ නැති විදිහට. ඉතින් ඒ විදිහට කාලය ගතවෙලා අවුරුද්දෙන් අවුරුද්ද වයසට යාම ගැන මට නම් ලොකු දුකක් දැනෙන්නේ. මොකද දැන් මට 30ට ළඟයිනේ. ඉතින් එහෙම වෙද්දි දුකයි. ඒත් ඉතින් මොනවා කරන්න ද? කාලය ගතවෙන එක අපිට නවත්වන්න බෑනේ. ඒක තමයි ලෝක ස්වභාවය.

අපිට ඒ දේට මුහුණ දෙන්න වෙනවා. නමුත් මම දැන් හිතන්නේ වයසට යනවා කියන්නේ අංකයක් විතරයි කියලා. මගේ හිතින් වයසට යාම නැවතිලා තියෙන්නේ. ඒ නැවතීම සිදු වුණේ අවුරුදු 22න් වගේ. දැන් මම උපන්දිනය සමරන්නේ ඒ වයසේ ඉඳන්. එතැනින් එහාට මම වයසට යන්නෙම නැහැ.” 

සාමාන්‍යයෙන් දෙසැම්බර් 27 දවසට මොකද කරන්නේ?

“මම ඇත්තටම ලොකුවට සාද පවත්වන කෙනෙක් නම් නෙමෙයි. නමුත් හැම උපන්දනයකදීම වගේ පුංචි හෝ දෙයක් සිද්ධ වෙනවා ගෙදර. ඒ දේ පුංචි කාලේ ඉඳන් වුණා. ඒත් පවුලේ අයත් එක්ක විතරයි. මගේ පළවෙනි අවුරුද්දේ උපන්දිනය මම තවමත් ඡායාරූපවලින් දකිනවා. ඒ කාලේ ඉතින් හරි දඟයි, වසයි. බෝනික්කෙක්ගේ කකුලකින් අල්ලගෙන ගෙදර වටේට දුවන ඡායාරූප ටිකක් එහෙම ගෙදර තියෙනවා. ගෙදර ඉන්නේ අම්මා, තාත්තා, මල්ලි සහ මම. අපි හතර දෙනාගේ උපන්දිනවලට එක එක්කෙනා පුංචි හෝ සර්ප්‍රයිස් කිරීමක් කරනවා. හිත සතුටු වෙන මොනවා හරි දෙයක් ගෙදර අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ දවසට පුංචි සාදයක් පැවැත්වීම හෝ ආගමික පැත්තෙන් දානමය කටයුත්තක් වෙනවා. ඒ තුළින් හිතට මාරම සැහැල්ලුවක්නේ තියෙන්නේ.”

පාසල් කාලේ යාළුවො සප්‍රයිස් කරපු අවස්ථා නැද්ද?

“පාසල් කාලෙදී ඇත්තටම සප්‍රයිස් සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද මගේ උපන්දිනය තියෙන්නේ නිවාඩු කාලෙකනේ. අපේ ගෙදර මටවත් මල්ලිටවත් කවදාවත් පාසලට කේක් අරගෙන යන්න අවස්ථාව ලැබිලා නැහැ. හේතුව මල්ලිගේ උපන්දිනය අගොස්තු, මගේ උපන්දිනය දෙසැම්බර්. ඉතින් අපේ උපන්දින නිවාඩු කාලෙට යෙදිලා තියෙන නිසා ගෙදර අයටත් හොඳයි. වැඩේ ලාභයිනේ. 
නමුත් සමහර වෙලාවට යාළුවෝ උපන්දිනවලට කේක් බෙදද්දි දුක හිතිලාත් තියෙනවා, මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැනේ කියලා. ඒත් දැන් නම් හිතෙනවා ඒක හොඳයි කියලත්. පාසල් කාලෙදී උපන්දිනය සමරන්න නොහැකි වුණත් මගේ උපන්දිනය තියෙන්නේ නත්තලත්, අලුත් අවුරුදු උදාවත් අතර මැදනේ. ඒ කාල සීමාව ඉතින් හරිම විනෝදයිනේ. මම ඉන්නේ මොරටුවේ. අපේ ගෙවල් ළඟ බෙහෝ දෙනෙක් නත්තල් සමරනවා. අපි බෞද්ධ වුණත් 25, 26 දවස්වල අපිටත් සාද ගොඩාක් තියෙනවා. ඒවත් එක්ක ඉතින් ඒ කාලෙට උපන්දින සාද ඕනෑත් නෑ වගේ. අනිවාර්යයෙන්ම අලුත් ඇඳුම් ලැබෙනවා. පුංචි කාලේ ඉඳන් අලුත් ඇඳුමක් උපන්දිනය දවසට ඇඳගෙන තමයි ඉන්නේ. කොහෙවත් ගියේ නැතත් අනිවාර්යයෙන් අලුත් ඇඳුමක් ගෙදරට හරි ඇඳගෙන කේක් කපනවා. ඒක පුරුද්දට ගිය දෙයක්.” 

ක්ෂේත්‍රයේ යාළුවන්ගෙන් ලැබුණු සප්‍රයිස් ඇති?

“ඔව්. ඇත්තටම මම අනිත් අයව සප්‍රයිස් කරන්න හරිම දක්ෂයි. ඒ නිසා මගේ යාළුවන්ගෙනුත් මට අනිත් පැත්තට සප්‍රයිස් ලැබෙනවා. ගිය අවුරුද්දේ උපන්දිනය ඇත්තටම මගේ මතකයේ රැඳෙනම අවුරුද්දක් වුණා. ඇත්තටම ඒ උපන්දිනය දවසේ මම ලොකු වැඩක හිර වෙලා හිටියෙත්. එසයිමන්ට් එකක. ඒ නිසා එළියටවත් බහින්න බැරි තත්ත්වයක් තිබුණා. 
එදා දවසේ රෑ 12ට කලින් එසයිමන්ට් එක සබ්මිට් කරන්න ඕනෑ. ඉතින් මම දවස් දෙකක් නිදිත් නැතිව ඒ දේට කැපවෙලා හිටියේ දවසෙම ලැප්ටොප් එක ඉස්සරහා ඉඳගෙන. ඉතින් එදා විනූ මගේ යාළුවෙක් එක්ක කේක් එකකුත් අරගෙන මාව සර්ප්‍රයිස් කරන්න ආවා. හොඳම දේ කියන්නේ විනූ මාව සර්ප්‍රයිස් කරන්න ඇවිත් අපේ ගෙදර කියලා වෙන ගෙදරකට ගිහින් දොරට තට්ටු කරලා තියෙන්නේ. ගෙවල් පැටලිලා. ඉතින් ඒ වගේ සිද්ධියකුත් ගිය අවුරුද්දෙදී සිද්ධ වුණා. ඒවා හරි සුන්දර මතක සටහන් තමයි මගේ ජීවිතේ.” 

ධනු විජේරත්න


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Hit Gossip 2

0 Comments

Your email address will not be published. Required fields are marked *

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format