මැති ඇමතිලාට පොලිසියෙන් තෙල් ගහන්නේ ලීටරය රුපියල් 121ට ද?


0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට මේ වනවිට පියවරගෙන තිබෙනවා.

ඒ, කථානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි.

මෙම ඉන්ධන ලබාදීම අත්පිට මුදලට සිදුකෙරෙන අතර වෙළඳපොළ තුළ මේවන විට පවතින ඉන්ධන මිලට වඩා අඩු මුදලකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙහිදී ඉන්ධන නිකුත්කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සාමාන්‍ය මහජනතාව ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 338කට ලබාගන්නා පෙට්‍රල් ලීටරයක් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කරන්නේ රුපියල් 121.19ක් වැනි මුදලකටයි.

එත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 217ක් වැනි මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව මෙහිදී පවතිනවා.

මේ වනවිටත් පාඩු පිට පාඩු ලබන බව කියන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙළඳපොළේ පවතින මිලටත් වඩා අඩු මුදලකට මන්ත්‍රීවරුන්ට ඉන්ධන අලෙවි කිරීම තුළින් තව දුරටත් පාඩු ලබනවා නොවේද ?

රටම අර්බුදකාරී තත්ත්වයක ඇති මෙවැනි මොහොතක නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ මේ සිදුවන ආසධාරණය තෙල් ලබාගැනීම වෙනුවෙන් පෝලිම්වල දුක්විඳිනා ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ කෙසේ ද ?

මුහුනුපොතේ තිබූ සටහන්


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.