ඇමරිකානු රාජ්ය තාන්ත්රික හිලරි ක්ලින්ටන් විසින් 2014 දී ප්රකාශයට පත් කරන ලද ඇගේ මතක සටහන් අලලා රචනා කල ‘HARD CHOICE’ ග්රන්ථයේ,ඇය අතිවිශේශ පුද්ගලයෙක් සමග කල සංවාදයක් උපුටා දක්වා තිබෙනවා.
ඒ දෙවන ලෝක සංග්රාම සමයේදී ලෙනින්ග්රෑඩ් වටලෑමේදී සොල්දාදුවෙකු වූ තම පියා මිය ගොස් ඇතැයි වැරදීමකින් සිතූ තම මව බේරාගත් ආකාරය ඇයට පැවසූ සංවාදයකි.
හිලරි ක්ලින්ටන්:
“ඔහු තම දෙමාපියන් ගැන මා කිසි දිනක අසා නැති හෝ කියවා නොතිබූ කතාවක් පැවසුවා.
යුධ සමයේදී සොල්දාදුවෙක් වූ ඔහුගේ පියා කෙටි විවේකයක් සඳහා ඉදිරි පෙළේ සිට නිවසට පැමිණෙනවා. ඔහු තම බිරිඳ සමඟ ජීවත් වූ මහල් නිවාසයට ළඟා වූ විට ඔහු දකිනවා පාරේ ගොඩගසා ඇති මළ සිරුරු සහ මිනිසුන් ඒවා පොරොත්තු සහිත පැතලි ට්රක් රථයකට පටවාගෙන යන අයුරු, ඔහු ළං වන විට, තම බිරිඳගේ යැයි හඳුනාගත් පාවහන් පැළඳ සිටින කාන්තාවකගේ පාද ඔහු දකිනවා, පසුව ඔහු දුව ගොස් තම බිරිඳගේ සිරුර ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම ප්රතික්ශේප වෙනවා. නමුත් දැඩි ආරවුලකින් පසුව ඔහුට දේහය හිමිවෙනවා, තම බිරිඳව තම දෑතට ගෙන ඇයව පරීක්ෂා කිරීමෙන් පසු ඇය තවමත් ජීවතුන් අතර සිටින බව ඔහු වටහා ගන්නවා.ක්ශනයෙන් ඔහු ඇයව රෝහලක් කරා රැගෙනගොස් ඇගේ ජීවිතය බේරාගන්නවා .
මේ සිද්දියෙන් අවුරුදු අටකට පසු 1952 දී ඔවුන්ගේ පුත් ව්ලැඩිමීර් පුටින් උපත ලබනවා. “
ක්ලින්ටන් ලිවීය.
එදා ඇය සමග සංවාදයක යෙදුනු අතිවිශේශ පුද්ගලයා වෙන කවුරුත් නොවේ.ඒ වර්තමානයේ මුලු ලොවටම අභියෝගයක් වූ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්.
0 Comments