කලා ක්ෂේත්රය තුළ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව ලබා ගත්ත රංගන ශිල්පියෙක් යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයෙන් මුණගැහෙන මේනක සහ නෙහාරා පසුව විකාශය වුණු අමන්දා ටෙලි නාට්‍යය කරන කාලෙදි පෙම්වතුන් වෙනවා.
ඉතින් ඒ විදියට ආදරය කරන්න පටන් ගත්ත මේ දෙන්නාගෙ කැදැල්ල අද වන විට නම් සතුටින් පිරිත් ඉරිලා ගිහිල්ලා තියෙන්නෙ. ඒ මේනක සහ නෙහාරා උතුම් මවුපියන් කරමින් ආදරණීය දියණියන් දෙදෙනෙක් ඔවුන්ගේ කැදැල්ලට එකතු වීමත් එක්කයි.

දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වෙලත් තවමත් පෙම්වතුන් වගේ ආදරෙන් ඉන්න මේ යුවල එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ඔවුන්ගේ ආදරේ ගැන මේ විදියටයි අදහස් එකතු කර තිබුණේ.
” මම රංගන ශිල්පිනියක් වෙලත් මට තවමත් මේනක වෙනත් ගෑණු ළමයෙකුගේ අතින් අල්ලනකොට ඉරිසියා හිතෙනවා. අනේ මන්දා මම කොච්චර හිතුවත් බෑ මට එතකොට ඉරිසියා හිතෙනවා.’’

ඉතින් මේලි සහ නූරි එක්ක ගෙවන අලුත් ජීවිතේ හරිම සුන්දර බව අපිට ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා. ඉතින් මේනක රාජපක්ෂටත් නෙහාරා පීරිස්ටත් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට තව තවත් සතුටෙන්ම ඉන්න ලැබෙන්නට.

0 Comments