මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම ගැහැණිය මම – දුෂේනි මියුරංගි


0

මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන පාරදිගේ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධානම චරිතයක් තමයි බන්ටි කියන්නේ එහෙමත් නැත්නම් සරණි, ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත්ත් මේ සරණි කියන චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියන් අතර ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක වන දුෂේනි මියුරංගි විසින්, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දුශේනි එක්ක ටිකක් කතා කරන්න,

රංගනයට අලුත් වුනත් ලංකාවේ ඉහලම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර ඉන්න කෙනෙක් ඔබ, ඔහොම ගණන් උස්සද්දී වැඩ අඩුවෙන්නේ නැද්ද?

, ”මෙහෙමනේ ඒක මගේ වටිනාකම, ඉතින් මට ඒ වටිනාකම ගෙවලා නිර්මාණයකට සම්බන්ද කරගන්න ඕන අය මට ඒ ගාන ගෙවනවා, සමහර අයට ඒ ගාන ගෙවන්න බැරුව මාව නිර්මාණවලට ගන්න බැරි වුනා, ඒ වෙලාවට මම ඔකේ තැනක් යු කියලා පැත්තකට වෙනවා, ගෙවන්න පුළුවන් අය මාව සම්බන්ද කරගන්නවා, මම මුදල් අය කරන්නේ මගේ හැකියාවට ඒක බාල්දු කරන්න මට ඕන නෑ”

දුශේනිටත් රංගනයේ සීමා ඇති නේද..?

මෙහෙමයි මම බාරගන්න නිර්මාණයට මම උපරිම සාදාරණයක් කරනවා, මට ඕන ඒ නිර්මාණය වෙනුවෙන් උපරිම කැපවෙන්න, මම මට ලැබෙන චරිතයට ගොඩක් ආදරේ කරනවා, හැබැයි එහෙමයි කියලා මම ආයේ ගෙදර එන්න බැරි විදියේ වැඩ මම කරන්නේ නෑ මොකද අපේ තාත්තා ගොඩක් සැරයි, ඒ නිසා යම් යම් සීමා දාගෙන ඉන්නේ”

මෙච්චර සුන්දර තරුණියකට ආදරයක් නෑ කියන්න බෑ, අපිට කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක්?

”මම ආදරේ කරලා තියෙනවා, විරහව විඳලත් තියෙනවා, කොහෙවත් කියලා නෑ නේ ආදරේ හිමි වෙන්නම ඕන කියලා, මගේ ආදර කතා ඇතුලේ අහිමි වීමත් තියෙනවා, වෙන් වෙලා ගියපු අය ගැන මම හීනෙකින්වත් අහිතක් හිතන්නේ නෑ, ඒ අය ඒ අයගේ ලෝකවල සතුටින් ඉන්න ඕන එච්චරයි”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගත්ත දුෂෙනි අපූරු සටහනක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා, ඒ තමයි ””ප්‍රේමය නිසා, අසීමාන්තිකව දුක් විඳ, විශාදයට පත් ස්ත්‍රී පුරුෂ හැමෝම වෙනුවෙන්. ඇයයි මගේ ලක්ෂ්මිය. ඇය තමයි මගේ සාර්ථකත්වයේ රහස. මගේ ශක්තිය වෙන්නේ ඇ..” එක පිරිමියෙක් ලෝකයක් ඉස්සරහා ඔහුගේ බිරිඳට එහෙම කියනවා. ඇය කාලෙකදී ප්‍රේමය නිසා අසීමාන්තිකව දුක් විඳි ගැහැණියක් අවසානයේ විශාදයට පත් වෙච්ච ගැහැණියක්. ‘මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම ගැහැණිය මම’ කියලා හිතපු ගැහැණියක්.

හැබැයි එදා ඇය දැනන් ඉන්නේ නැතුව ඇති, දෛවය ඇයට මුණ ගස්වන්න යන්නේඇයව දේවත්වයේ තබන පිරිමියෙක් කියලා. ඇගේ ජීවිතය මුළුමනින්ම කනපිට හරවන පිරිමියෙක් කියලා ඔහු ඇය වැටිලා හිඳි තැනින් අඩි දහස් ගණනක් උඩට ඇයව රැගෙන ආ පිරිමි ඇය තරුවක් නම් ඇයව බබළවපු පිරිමි. ඇයව ශක්තිමත් ගැහැණියක් කළ පිරිමියා. විශ්වාස කරන්න මඟ හැරෙන දේවල් හොඳම දේවල් නෙමෙයි හොඳම දේවල් කවදාවත් මඟ හැරෙන්නේ නෑ දෛවය ඔබව හිමි කරන්නේ ඔබව ලැබීම වාසනාවක් කියලා හිතන අයෙකුටමයි. (උපුටාගැන්මකි)


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.